මෙය එම්.එච්. 370 ගුවන් යානයේ මගියෙකු වෙනුවෙන් වන්දි ඉල්ලා පැවරූ ප්රථම නඩුව බව විදෙස් වාර්තා සදහන් කරයි.
ගුවන් යානය සමඟ අතුරුදන් වූ ජී - ජින් - හැන් වෙනුවෙන් මෙම නඩුව පවරා ඇත්තේ ඔහුගේ බාල වයස්කාර දරුවන් විසිනි.
එම දරුවන් වෙනුවෙන් නීතිඥයන් අධිකරණය වෙත ප්රකාශ කර සිටියේ යානය අතුරුදන්වීමෙන් ගුවන් සේවය මගියෙකු සමග එළඹෙන කොන්ත්රාත්තුව කඩ කර ඇති බවය.