subash

subash

අගමැති ධුරය ලබා දෙන්නේ නම් එම ධුරයේ කටයුතු කිරීම සඳහා තමන් සූදානම් යයි අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම හා නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්බන්ධ යෝජනාවලිය මීළග ජනාපධිතිවරණයට පෙර ක‍්‍රියාත්මක කිරීමට රජය  අපොහොසත් වන්නේ නම් ස්ථිර වශයෙන්ම රජයෙන් ඉවත්වී පොදු අපේක්ෂකයකු ජනාධිපති කරවන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී අතුරලියේ රතන හිමියෝ පවසති. 
හල්දුම්මුල්ල, කොස්ලන්ද පෙ‍දෙස නායයාමෙන් සිදුවුණු ඛේදවාචකයේ වගකීම එම ජනතාව මතම පැටවීමේ උත්සාහයක් ක්‍රියාත්මක වන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි. 

හල්දුම්මුල්ල, මීරියබැද්ද ප්‍රදේශයේ සිදු වූ නාය යෑමෙන් විපතට පත් ජනතාවට අවශ්‍ය මානුෂීය සහන සැපයීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ වූ OCHA කාර්යාලය සූදානමින් සිටියි.

Happy New Year බොලිවුඩයේ සුපිරි නළු ශාරුක් ඛාන්ගේ සහ දීපිකා පදුකෝන්ගේ නවතම චිත්‍රපටයයි. එය පසුගිය 23 වැනිදා එළිදැක්වූ අතර, චිත්‍රපටය පළමු ප්‍රදර්ශන සතිය තුළ ඉන්දියානු රුපියල් කෝටි 123.86 ක් ආදායමක් උපයා ඇත.

නාය යෑමෙන් විපතට පත් ජනතාවට  සහන කටයුතු සිදු කිරීම පිළිබඳ සොයා බැලීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හල්දුම්මුල්ල කොස්ලන්ද මීරියබැද්ද ප‍්‍රදේශයට ගොස් තිබේ. 

ශ්‍රී ලංකාවේ ස්වාභාවික රබර් නිෂ්පාදනය දිරිගන්වන අතරම, ලෝක කෘතීම රබර් ඉල්ලුම සැලකිල්ලට ගනිමින්, මෙරට පොලිමර් නිෂ්පාදන කේන්ද්‍රස්ථානයක් බවට පත්කරලීමට යෝජනා කරන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය.

කෘත‍්‍රිම ලිංගික අවයව හොරෙන් අලෙවි කිරීම සම්බන්ධයෙන් වරද පිළිගත් විත්තිකරුවන් දෙදෙනෙකුට රුපියල් 10,000 බැගින් දඩයක් ගෙවන ලෙස මහර අතිරේක මහේස්ත‍්‍රාත් මහින්ද ප‍්‍රභාත් රණසිංහ මහතා චූදිතයන්ට නියෝග කළේය.

ෆීෆා සභාපති සෙප් බ්ලැටර් විසින් 2018 ෆීෆා ලෝක කුසලාන තරගාවලියේ නිල ලාංඡනය එළිදක්වා තිබේ.මෙම ලාංඡනය මගින් රුසියාවේ හදවත හා ආත්මය පිළිඹිබු කරනු ඇතැයි පැවසේ.

බදුල්ල දිස්ත්‍රික්කයේ කොස්ලන්ද මීරියබැද්ද ප්‍රදේශයේ ඇතිවූ නායයෑම හේතුවෙන් මිය ගිය එක් අයෙකුගේ අවමංගල කටයුතු වෙනුවෙන් රුපියල් 25,000ක මුදලක් ලබාදීමට රජය තීරණය කර  අැත.

Connet With Us