නායයෑෙමන් මිය ගිය අයෙකුගේ අවමංගල කටයුතු සදහා රු 25,000 ක්

Published in පුවත්
Thursday, 30 October 2014 12:17

බදුල්ල දිස්ත්‍රික්කයේ කොස්ලන්ද මීරියබැද්ද ප්‍රදේශයේ ඇතිවූ නායයෑම හේතුවෙන් මිය ගිය එක් අයෙකුගේ අවමංගල කටයුතු වෙනුවෙන් රුපියල් 25,000ක මුදලක් ලබාදීමට රජය තීරණය කර  අැත.

එම මුදල් දිස්ත්‍රික් ලේකම් මගින් පවුලේ ළඟම ඥාතියෙකුට ලබාදීමට කටයුතු සැලසුම් කර ඇතැයි ආපදා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ලංකාපුවත් ජාතික ප්‍රවෘත්ති නියෝජිතායතනයට පවසා අැත.

මේ අතර මීරියබැද්ද ප‍්‍රදේශයේ නායයෑමෙන් විපතට පත්වූවන්ට සහන සැළසීම සඳහා ඉන්දියාව සම්පූර්ණ සහය ලබාදීමට තීරණය කර තිබේ. මෙරට ඉන්දීයමහ කොමසාරිස් වයි.කේ. සිංහා මහතා, විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා වෙත ඒබව දන්වාඇත.

ඊයේ (29) පස්වරුවේ තාවකාලිකව නතර කෙරුණු අතුරුදන්වූවෙන් සෙවීමේ මෙහෙයුම් කටයුතු මේ වනවිට නැවතආරම්භ කර තිබෙන බවත් යුද හමුදා සෙබළුන් 500කට අධික පිරිසක් එම කටයුතු වෙනුවෙන් යොදවා ඇතැයි හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය මහතා පැවසුෙව්ය.

හමුදා ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කරන පරිදි  විශේෂ කාර්ය බලකාය සහ තවත් ගලවා ගැනීමේ මෙහෙයුම් කණ්ඩායම ප‍්‍රදේශයට ඇද හැලෙන වර්ෂාව නොතකා අතුරුදන්වූවන් සෙවීමේ කටයුතු අඛණ්ඩව සිදුකරනු ලබයි.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us