ශ්‍රී ලංකාවේ පිහිටි එම කාර්යාලය සඳහන් කරන ලද්දේ විපතට පත්වූවන් ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා ද ආපදා කළමනාකරන අමාත්‍යංශයෙන් දැනුම් දීමක් කළ හොත් එම කටයුතු සඳහා එක් විය හැකි බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ වූ OCHA කාර්යාලය පවසයි.
ඒ වෙනුවෙන් පූර්ව සූදානමකින් පසුවන බව ද එම කාර්යාලය වැඩිදුරටත් සඳහන් කර සිටියි.
ආපදා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවේ මීරියබැද්ද නාය ගිය ස්ථානයේ අනතුරට පත්වූවන් සෙවීමේ මෙහෙයුම් කටයුතු මේවන විට තවදුරටත් පුළුල් කර ක්‍රියාත්මක බවයි.
ප්‍රදේශයේ ජනතාවට ආරක්‍ෂිත ස්ථානවල නිවාස ඉදි කර දීමට කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙසට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා පැමිණ උපදෙස් ලබා දුන් බවද ඇමතිවරයා කියා සිටියේ ය.