වැළළුණු මිනිසුන් මත වරද පටවන්න එපා

Published in පුවත්
Thursday, 30 October 2014 14:06
හල්දුම්මුල්ල, කොස්ලන්ද පෙ‍දෙස නායයාමෙන් සිදුවුණු ඛේදවාචකයේ වගකීම එම ජනතාව මතම පැටවීමේ උත්සාහයක් ක්‍රියාත්මක වන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි. 
එම පක්ෂයේ දේශපාලන මණ්ඩලය විසින් නිකුත් කරන ලද නිවේදනයක මේ බව දැක්වෙයි. 
 
''නායයෑම ස්වාභාවික විපතක් ලෙස සලකනු ලැබුවද පූර්ව පරීක්ෂාකාරීවීම් මගින් ජීවිත හානි සිදුවීම අවම කරගත හැකි බව පොදු පිළිගැනීමයි. ආණ්ඩුවේ ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසන්නේ 2004 දී සහ 2011දී හල්දුම්මුල්ල මීරියබැද්ද ප‍්‍රදේශය නාය යා හැකි බැවින් එම ප‍්‍රදේශයෙන් ජනතාව ඉවත් කිරීමට පියවර ගන්නා ලෙසට ප‍්‍රාදේශීය බලධාරීන්ට දැනුම්දී තිබූ බවය. 
 
මෙම ව්‍යසනකාරී සිදුවීම විසින් පෙන්වා දෙන්නේ ඒ කිසිවක් කි‍්‍රයාවට නොනැගීම ෙහ්තුවෙන් පුද්ගලයින් සිය ගණනකට ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවූ බවය. 
 
මේ අතර ආණ්ඩුවේ විවිධ පාර්ශව වෙතින් ප‍්‍රකාශයට පත්කරන්නේ මෙම ප‍්‍රදේශය අනතුරුදායක බැවින් ඔවුන්ට එම ප‍්‍රදේශයෙන් ඉවත් වන ලෙසට පූර්වයෙන් දැනුම් දී තිබූ බවය. ඒ අනුව  සිදුවූ විනාශයේ වගකීම පස් යට වැළළුණු ජනතාව විසින්ම භාරගත යුතුව ඇති බවක් හැෙග්. එහෙත් මෙසේ පවසමින් ආණ්ඩුවට වගකීමෙන් පලා යා නොහැකිය. 
 
ජනතාවට ඉවත්වන ලෙසට අනතුරු ඇඟවූවද ඔවුන්ට එසේ යාමට වෙනත් ස්ථානයක් නැත. මෙම අනාරක්ෂිත ජනතාව සුරක්ෂිත යැයි හඳුනා ගන්නා ලද ස්ථානවල ස්ථීරව පදිංචි කරවීමද තමන්ට අයත් වගකීමක් බව වගකිවයුත්තන්ට නොවැටහීම පුදුමයකි.'' 
 
තවමත් මධ්‍ය කඳුකරයට අධික වැසි ලැබෙමින් ඇති අතර අදූරදර්ශී විවිධ මානව ක‍්‍රියාකාරකම් හේතුවෙන් අනාරක්ෂිත වූ තව තවත් භූමිභාගයන් නායයෑමේ අවදානම ඉහළ යමින් තිබේ. මේ අනුව නායයෑමේ අවදානම ඇති අනාරක්ෂිත ස්ථානවල පදිංචි ජනතාව ඒවායින් ඉවත්කර ආරක්ෂිත භූමිභාගයන්හි පදිංචි කරවීම නොපමාව සිදු කළ යුතු බව නිවේදනය මගින් දක්වයි. 
 
කෙසේ වුවද පදිංචිකරුවන්ගේ ආර්ථික හා සමාජීය ජීවිතය ගැට ගැසී ඇත්තේ ඔවුන් කාලයක් පදිංචි වී සිටි ස්ථානවලටය. එබැවින් එම කරුණුවලටද සැලකිල්ල යොමුකරමින් මෙම නැවත පදිංචිකරවීම් තිරසාර වැඩපිළිවෙළක් අනුව කි‍්‍රයාත්මක කළ යුතුව තිබේ. එසේ නොකොට විපතකින් පසු වැළළුණු මිනිසුන් මත වරද පැටවීමට උත්සාහ කිරීම ශිෂ්ටසම්පන්න ක‍්‍රියාවක් නොවන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි. 
 

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us