අාණ්ඩුව සමග ඉන්නේ යෝජනා පිළිගත්තොත් විතරයි

Published in පුවත්
Thursday, 30 October 2014 14:42
විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම හා නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්බන්ධ යෝජනාවලිය මීළග ජනාපධිතිවරණයට පෙර ක‍්‍රියාත්මක කිරීමට රජය  අපොහොසත් වන්නේ නම් ස්ථිර වශයෙන්ම රජයෙන් ඉවත්වී පොදු අපේක්ෂකයකු ජනාධිපති කරවන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී අතුරලියේ රතන හිමියෝ පවසති. 
උන් වහන්සේ මේ අදහස් පල කලේ පිවිතුරු හෙටක් සංවිධානයේ ඉදිරි ක‍්‍රියාමාර්ග සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින්ය.
 
‘අනිවාර්යයෙන්ම මෙම යෝජනාවලිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර පාර්ලිමේන්තුව නියෝජනය කරන මැති ඇමතිවරුන්ගෙන් විවාදයකින් පසු සම්මත කර  ජනතාවට අතරට ගෙනයෑමේ අවස්ථාවක් උදාවී යැයි විශ්වාස කරනවා.  තවද ජනාධිපතිවරණය ජනවාරි හෝ මාර්තු යන මාස දෙක ඇතුළත පැවැත්වෙන බවට රාවයක් පවතිනවා'. 
 
 වෙනත් දේශපාලන පක්ෂයක් කුමන මතයක් දැරුවත් පිවිතුරු හෙටක් සංවිධානය මෙන්ම ජාතික හෙළ උරුමය ආණ්ඩුව සමග තවදුරටත් කටයුතු කරන්නේ විධායක ජනාධිපති ධූරය මෙන්ම නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කර ක‍්‍රියාත්මක කළහොත් පමණක් බව උන් වහන්සේ පවසති. 

 

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us