subash

subash

මාස 8ක් තිස්සේ සිය ජනතා පාලන අධිකාරියක් නොමැතිව සිටින දිල්ලි ප‍්‍රාන්තය අඛණ්ඩව ජනපති පාලනය යටතේ පවත්වා ගත නොහැකි බව ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දු කර අැත.

ලබන වසරේ ජනවාරි මස අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණය පැවැත්වෙන බව අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතා පවසයි.

මේ දිනවල තිරගත වන'හැපි නිව් ඉය'ශාරුක් ඛාන් රඟන නවතම චිත්‍රපටය යි. ඒහි කුඩා දර්ශනයක් සඳහා ඔහුගේ බාල පුතු වන ඒබ්‍රම් රංගන දායකත්වය සපයයි.
ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය විසින් ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායමට තෝරා ගැනීමට ලිංගික අල්ලස් ලබා දියු යුතු බවට එල්ල වී ඇති චෝදනා ගැන සොයාබැලීම සඳහා කමිටුවක් පත් කර ඇත.
අයවැය ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන හැදූ එකක් බවත් ඒමගින්  ජනතාවට මහ දවල් සිහින ලෝක තනා දී අැති බවටත් අයිතීන් උදෙසා කාන්තාවෝ චෝදනා කරති.

ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රබල ක‍්‍රියාකාරිකයකු වන ශ‍්‍ර‍්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ මානව සම්පත් හා පාලන විෂය භාර නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා ලෙස විමල් වීරවංශ අමාත්‍යවරයා විසින් පත්කර සිටින යුද හමුදාවේ හිටපු කපිතාන් වරයකු එස්.පී. ලොකුහැන්නදිගේ නැමැත්තා හට පසුගියදා කොළඹ මහාධිකරණය දඩ හා අත්හිටවු සිර දඬුවම් නියම කළේය.

උතුරේ මෙන්ම දකුණේද අතුරුදහන් වූ දරුවන් සොයන අම්මලාට හැඩීමට‍ පව නොහැකි තත්වයටක් උද්ගතව ඇතැයි බ්‍රීටෝ ප්‍රනාන්දු පවසයි.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල ත‍්‍රස්ත මර්දන කමිටු ප‍්‍රධානී ජෝන් කෝල් ලැබොට් මහතා අද ශ‍්‍රී ලංකාවට (28) පැමිණෙයි. ඔහු දින තුනක කාලයක් ශ‍්‍රීලංකාවේ රැදී සිටීමට නියමිතය.

පන්දුව දමා ගැසිමේ චෝදනාවට ලක්ව තිබෙන ශ්‍රී ලංකාවේ දඟපන්දු යවන ක්‍රීඩක සචිත්‍ර සේනානායක සිය ඉරියව් සකස්කරගෙන ඇති අතර ඒ අනුව ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ පන්දුයැවීමට සූදානමින්  තිබේ.

2015 සදහා මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විසින් ඉදිරිපත් කළ අය වැයෙන් විශ්වවිද්‍යාල පද්ධතියට හා අධ්‍යාපනය සදහා වෙන් කළ මුදල් සම්බන්ධයෙන් අදහස් දැක්වූ විශ්වවිද්‍යාල මහාචාර්යවරුන් පිරිසක් මාධ්‍ය වේදීන්ගේ ප්‍රශ්න කිරීම් හමුවේ නිරුත්තරව අදාල මාධ්‍ය සාකච්ඡාවෙන් නැගිට ගොස් ඇති බව වාර්තාවේ.

Connet With Us