අය වැය ගැන කතා කොට මහාචාර්යවරු නාගනී

Published in පුවත්
Tuesday, 28 October 2014 10:38

2015 සදහා මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විසින් ඉදිරිපත් කළ අය වැයෙන් විශ්වවිද්‍යාල පද්ධතියට හා අධ්‍යාපනය සදහා වෙන් කළ මුදල් සම්බන්ධයෙන් අදහස් දැක්වූ විශ්වවිද්‍යාල මහාචාර්යවරුන් පිරිසක් මාධ්‍ය වේදීන්ගේ ප්‍රශ්න කිරීම් හමුවේ නිරුත්තරව අදාල මාධ්‍ය සාකච්ඡාවෙන් නැගිට ගොස් ඇති බව වාර්තාවේ.

ඊයේ (27) පදනම් ආයතනයේදී පැවැති මෙම මාධ්‍ය හමුව සංවිධානය කොට තිබුනේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මෙහෙය වීමෙන් වන අතර මේ සදහා සහභාගීවූ මහාචාර්යවරුන් විසින් මෙවර ඉදිරිපත් කළ අය වැයෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සදහා මෙන්ම අධ්‍යාපනය සදහා මුදල් වෙන් කිරීම අතිශොක්තියෙන් වර්ණා කොට ඇත.

එසේම මෙම අය වැයෙන් 2040 වනවිට ලංකාව සංවර්ධිත රාජ්‍යයක් බවට පත් කිරීමට මූලික පියවර තබා ඇති බවද ඔවුන් මෙම අය වැය අර්ථ කථනය කොට සිටියේය.

මෙහිදී අධ්‍යාපනය සදහා 6%ක මුදල්වෙන් කිරීමක් සිදුනොකිරීම පිළිබදව මහාචාර්යවරුන්ගෙන් ප්‍රශ්න කිරීමේදී ඔවුන් සදහන් කොට ඇත්තේ එය වෙනම සාකච්ඡා කළ යුතු බවත් එය අය වැය සමග පටලවා නොගන්නා ලෙසයි.

එසේම විශ්වවිද්‍යාල සිසුන්ගේ මහපොල වාරිකය රුපියල් 4000කින් වැඩි කිරීම සම්බන්ධව ඇගයූ මහාචාර්යවරයෙකු සදහන් කොට සිටියේ නැවත මහපොල වැඩිකිරීමක් සම්බන්ධයෙන් සිසුන් හඩ නොනගනු ඇති බවයි.

මාධ්‍ය වේදීන් ඒ සම්බන්ධව විමසා සිටියේ පවතින ජීවන තත්වයට සමරූපීව සිසුන්ගේ ඉල්ලීම වූයේ රුපියල් 5000කින් ශිෂ්‍යාධාරය වැඩිකිරීම බව නොවේද යන්නට පිළිතුරු නොදී අදාළ මාධ්‍ය සාකච්ඡාව හිටි හැටියේ නවතා දමා මෙම මහාචාර්යවරුන් පිරිස නැගිට ගොස් ඇත.

කෙසේ නමුත් මාධ්‍ය සාකච්ඡාව සංවිධානය කළ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මාධ්‍ය වේදීන් සමග පවසා ඇත්තේ ප්‍රශ්නයකට පිළිතුරු නොදිය හැකි මහාචාර්යවරුන් අදාල පුවත්පත් සාකච්ඡාවට කැදවීම නිරර්තක ක්‍රියාවක් වූ බවයි.
මෙම මාධ්‍ය හමුව සදහා කැළණිය, කොළඹ, ජයවර්ධනපුර හා පේරාදෙනිය විශ්වවිද්‍යාල නියෝජනය කරමින් ආණ්ඩුවට පක්ෂපාත ආචාර්යවරු පිරිසක් සම්බන්ධව සිටියේය.

Last modified on Tuesday, 28 October 2014 10:52

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

ක්‍රීඩා

Connet With Us