ආරක්ෂක මණ්ඩල ත‍්‍රස්ත මර්දන කමිටු ප‍්‍රධානී අද ශ‍්‍රී ලංකාවට

Published in පුවත්
Tuesday, 28 October 2014 11:38

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල ත‍්‍රස්ත මර්දන කමිටු ප‍්‍රධානී ජෝන් කෝල් ලැබොට් මහතා අද ශ‍්‍රී ලංකාවට (28) පැමිණෙයි. ඔහු දින තුනක කාලයක් ශ‍්‍රීලංකාවේ රැදී සිටීමට නියමිතය.

එක්සත් ජාතීන්ගේ ත‍්‍රස්ත මර්දන කමිටුවේ ඉල්ලීමක් මත ත‍්‍රස්ත මර්දනය සම්බන්ධයෙන් ප‍්‍රධාන අරමුණු 3ක් මුල්කොට ගෙන ජෝන් කෝල් ශ්‍රී ලංකාවට පැමිණේ.

ඔහු නියෝජිතයන් කිහිප දෙනෙකු සමඟ සාකච්ඡා කිරීමට සැලසුම් කර තිබේ.

ත‍්‍රස්තවාදයට එරෙහි ජාත්‍යන්තර සහයෝගීතාව සහ ඒ සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකාව කටයුතු කරන ආකාරය මෙන්ම ඊට අදාළ ජගත් සංවිධානයේ තාක්ෂණික සහාය පිළිබදව ඔහු ඇගයීමක් සිදුකරනු අැත.

එම කරුණු ඇතුළත් එක්සත්ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ 2001 - 1373දරණ සම්මුතිය ශ‍්‍රී ලංකාව කි‍්‍රයාවටනැංවීම පිළිබදව මෙහිදි සළකා බැලේ.

ජාත්‍යන්තර සාමය සහආරක්ෂාවට ත‍්‍රස්තවාදයෙන් එල්ල වී ඇති තර්ජන පිළිබද ජගත් සම්මුතිය, අන්තවාදය තුළින් පැන නැගුණු ත‍්‍රස්ත කි‍්‍රයාවලට එරෙහිව ගත යුතු පියවර සහත‍්‍රස්ත මර්දන පියවරක් ලෙස සංවාදයකට එළඹීම පිළිබදව ද ජගත් සංවිධානනියෝජිතයාගේ අවධානයට යොමු වේ.

ජගත් ආරක්ෂක මණ්ඩලයේ ත‍්‍රස්ත මර්දන කමිටු ප‍්‍රධානී යාපනයේ සංචාරයක නිරතවීමට ද නියමිතය.

 

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us