ජනතාවට මහ දවල් සිහින ලෝක තනා දුන් අයවැයක්

Published in පුවත්
Tuesday, 28 October 2014 12:18
අයවැය ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන හැදූ එකක් බවත් ඒමගින්  ජනතාවට මහ දවල් සිහින ලෝක තනා දී අැති බවටත් අයිතීන් උදෙසා කාන්තාවෝ චෝදනා කරති.
කාන්තාවන්ට මෙවර අයවැයෙන් දී ඇති සහන මොනවාදැයි විමසමින් එම සංවිධානයේ සම සභාපතිනි සමන්මලී ගුණසිංහ මහත්මිය ප්‍රකාශ කළේ  පවුලක මසකට සරිලන සාමාන්‍ය ජීවන වියදමට ගැලපෙන ලෙස අයවැයෙන් සහන නොලැබී ඇති බවයි.
 
රට තුළ වැඩි පුරම සිටින්නේ  ස්වයං රැකියා සහ තාවකාලිකව රැකියා කරන අය බැවින් ඔවුන්ට සාධාරණයක් ඉටුවී නැති බව අැය පවසයි.
 
තවදුරටත් ඇය මෙසේද ප්‍රකාශ කළාය.
 
"අපි දන්නවා හතර දෙනෙක්ගෙන් යුක්ත පවුලක ජිවන වියදම අනිවාර්යෙන් මාසෙට පනස් දහසකට වැඩියි. ඒ ඔය කියන ඇමතිවරු කියන දේවල් හරි, කරන දේවල් හරි මිනිස්සු කාලා බීලා නෙමේ. සාමාන්‍යයෙන් ජීවත් වන්න පවුලක මාසෙකට 50000ක්වත් තියෙන්න ඕනේ. අද වෙද්දි තාමත් අපේ රටේ සමාජය තුළ සියයට 40කගේ දවසක ආදායම රුපියල් 250ට වඩා අඩුයි. එතකොට ඔය අයවැයෙන් කියන දේ තියෙන්නේ මොන ජනතාවටද මොන ජන කොටසකටද? 
 
මේ රටේ බහුතරයක් ඉන්නේ ගෙවල්වල ඉන්න කාන්තාවෝ. එතකොට මේ අයවැයෙන් කාන්තාවට ලැබුණේ මොනවද? මේක කෙළින්ම ජනාධිපතිවරණ ඉලක්ක කර ගත් අයවැයක්. දැන් ඔය වැඩි කළා කියන දේවල් කලින් වැඩි කරන්න තිබුණේ නැද්ද? අවුරුදු 02ක්, 03ක්, 04ක්, 05ක් අපි උද්ඝෝෂණ කළා. වැඩ කරන කම්කරුවෝ කෑ ගැහුවා, උද්ඝෝෂණය කළා. ඒ ජිවත් වෙන්න බැරි ජීවන වියදමක් තියෙන නිසා නෙමේ, මිනිස්සුන්ට ප්‍රශ්න තියෙන නිසා. හැබැයි කිසි කාලෙකට ඇස් ඇරුණේ නැති ජනාධිපතිතුමා දැන් මේ ජනාධිපතිවරණයක් තියෙන නිසා ඇස් ඇරලා තියෙනවා. ඒක නිසා මේක මහා දවල් මිනිස්සුන්ට බලාපොරොත්තු දීලා, සිහින ලෝක දීලා ජනාධිපතිවරණ එල්ල කරගෙන හදපු අයවැයක්.''
 
ෙම් අයවැය මගින් සිදු වී අැත්තේ ජනතාව තව තවත් දුකට අැද දැමීම බවත් මේ අයවැය ප්‍රෝඩාවක් බවත් අැය පැවසුවාය. 

 

Last modified on Tuesday, 28 October 2014 12:23

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us