ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායමට යන්නට ලිංගික අල්ලස් ?

Published in පුවත්
Tuesday, 28 October 2014 13:03
ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය විසින් ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායමට තෝරා ගැනීමට ලිංගික අල්ලස් ලබා දියු යුතු බවට එල්ල වී ඇති චෝදනා ගැන සොයාබැලීම සඳහා කමිටුවක් පත් කර ඇත.
කෙසේ වෙතත් ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා පවසන්නේ ක්‍රීඩිකාවන්ගෙන් ලිංගික අල්ලස් ලබාගැනීම ගැන චෝදනා එල්ල වුවත් ඒ ගැන මෙතෙක් නිල පැමිණිල්ලක් ලැබී නොමැති බවයි.
 
මෙම චෝදනාවන් සම්බන්ධයෙන් හදිසි විධායක රැස්වීමක් පවත්වා ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් විසින් අදාළ චෝදනාව සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට කමිටුවක් පත්කොට ඇති අතර එයට ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති මොහාන් ද සිල්වා, ක්‍රිකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග, නියෝජ්‍ය ලේකම් හිරන්ත පෙරේරා හා තේරිම් කමිටුවේ සභාපති සනත් ජයසූරිය ද ඇතුලත්වේ.
 
අදාළ කමිටුව විසින් එළඹෙන බ්‍රහස්පතින්දාට පෙර චෝදනාවට පාත්‍ර වූ කාන්තා තේරීම් කමිටුවේ සාමජිකයින් ගෙන්වා ප්‍රශ්න කිරීමට නියමිත බවද සදහන්වේ.

 

Last modified on Tuesday, 28 October 2014 13:24

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us