ශාරුක් බාල පුතු සමග රඟපෑමට කැමතියි

Published in අනං මනං
Tuesday, 28 October 2014 13:37
මේ දිනවල තිරගත වන'හැපි නිව් ඉය'ශාරුක් ඛාන් රඟන නවතම චිත්‍රපටය යි. ඒහි කුඩා දර්ශනයක් සඳහා ඔහුගේ බාල පුතු වන ඒබ්‍රම් රංගන දායකත්වය සපයයි.
හැපි නිව් ඉය චිත්‍රපටය මේ වන විට ඉහළ ජනප්‍රියත්වයක් දිනාගැනීමට සමත්ව ඇති අතර එය ප්‍රදර්ශනය ආරම්භ කිරීමෙන් අනතුරුව පළමු සතිය තුල ඉන්දියානු රුපියල් කෝටි 108.86ක් උපයා ඇති බව වාර්තා වේ.
 
සුරතල් ඒබ්‍රම්ගේ රංගනය නැරඹූ බොහෝදෙනෙක් ශාරුක් සමඟ ඔහු පිළිබඳ වර්නණා කර ඇති අතර ඒ අතරින් ශාරුක් වඩාත්ම කැමති වී ඇත්තේ දීපිකා පදුකෝන් විසින් පැවසූ කාරණයටය.
 
ශාරුක් පවසන අන්දමට දීපිකා ඒබ්‍රම්ගේ සුරතල් පෙනුමට බෙහෙවින් කැමති වී ඇති අතර  ඔහු සමඟ ඇගේ මීළඟ චිත්‍රපටයේ රඟපෑමට කැමති බව ඇය පවසා ඇත.
 
එමෙන්ම ඒබ්‍රම් පිළිබඳ අදහස් දක්වමින් ශාරුක් පවසා ඇත්තේ ඔහු iPad උපාංගය භාවිතා කරමින් එහි එන A B C නාද වලට සවන් දෙමින් කෙළිදෙලින් කාලය ගත කරන බවයි.
 
 
 
 

Connet With Us