subash

subash

බොකෝහරාම් ඉස්ලාමීය අන්තවාදී කණ්ඩායමක් ඊසාන දිග නයිජීරියාවේ පිහිටි ගම්මානයකින්  දරුවන් 30 දෙනෙකු පැහැරගෙන ගොස් ඇති බව විදෙස් වාර්තා පවසයි.
ජාතික හැදුනුම්පත් ලබාදීමේ ජංගම සේවා ඇරඹෙයි
 
ඉදිරි ජනාධිපතිවරණයේදී සැලකිල්ලට ගැනෙන ඡන්ද හිමි නාම ලේඛණයට අනුව ජාතික හැදුනුම්පතක් හෝ පිළිගනු ලබන අනන්‍යතා පත්‍රයක් නොමැති වීම හේතුවෙන් ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය අහිමිවන පිරිස ලක්ෂ 9 කට ආසන්නය.
මූලික වැටුප වැඩිකරන ලෙස ඉල්ලූවිට ජනතාව නොමඟ යවා සීනි බෝල අය-වැයක් ඉදිරිපත් කළ ජනාධිපතිවරයා ජනතාව මුළාකරමින්  සිටින බව  ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ වසන්ත සමරසිංහ මහතා පවසයි.

මෙරට එච්.අයි.වී ආසාදිතයන්ගේ සංඛ්‍යාව සාමාන්‍ය පුද්ගලයින් අතර එච්.අයි.වී ආසාදිතයන්ගේ සංඛ්‍යාවට වඩා සමලිංගික පිරිමින් අතර දහ ගුණයක් වැඩි බව එච්අයිවී ඒඞ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂක වෛද්‍ය සිසිර ලියනගේ මහතා සදහන් කරයි.

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වෙත ඉකුත්දා ලබාදුන් සිය යෝජනාවලියට ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයෙන් ප‍්‍රතිචාර ලැබී ඇතැයි ජාතික හෙළ උරුමය පවසයි.

අතුරුගිරිය ප්‍රදේශයේ 15 හැවිරිදි පාසල් දැරියක පැහැරගෙන ගොස් අපහරණය කළ ඇයගේ ඥාති තරුණයකුට සහාය වී ඇති බව කියන ඇගේ පුංචි අම්මාවරුන් දෙදෙනකු මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබ අධිකරණයට ඉදිරිපත්කොට අද (27දා) දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකොට තිබේ.

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජේ‍්‍යෂ්ඨයන් සහ ජාතික හෙළ උරුමයේ නායකයන් අතර පසුගිය 21දා පැවැති සාකච්ඡාව අතරතුර තමන් එයින් ඉවත්ව යෑම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා පසුදින හෙළ උරුමයේ නායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන්ගෙන් සමාව ඉල්ලා තිබේ.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම් නොහොත් කුමාර් මහත්තයා හෙට (28) දිවයිනට යලි පැමිණීමට නියමිතව තිබේ.

ඔහු යළි ලංකාවට පැමිණීමේදී භාවිතා කරන නම නොයෙල් මුදලිගේ නැමැති අන්වර්ථ නාමයම බව ආගමන විගමන අභ්‍යන්තර තොරතුරු වාර්තා කර සිටී.

ලංකා සමසමාජ පක්ෂය ඉදිරි ජනාධිපතිවරණයේ දී සම්පූර්ණ සහයෝගය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ලබාදීමට තීරණය කර තිබේ.

හිරු ගෝල්ඩන් සිනමා සම්මාන උළෙල පෙරේදා (25 දා) ඉන්දීය නළු නිළියන් සහ ගායිකා අල්කා යාග්නිග්ගේ සහභාගිත්වයෙන් සුගතදාස ගෘහස්‌ථ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

Connet With Us