ශ්‍රීලනිපයෙන් හෙළ උරුමයට කැඳවීමක් !

Published in පුවත්
Monday, 27 October 2014 10:16

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වෙත ඉකුත්දා ලබාදුන් සිය යෝජනාවලියට ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයෙන් ප‍්‍රතිචාර ලැබී ඇතැයි ජාතික හෙළ උරුමය පවසයි.

ඒ අනුව ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ ජේ්‍යෂ්ඨයන් සමග අද තීරණාත්මක සාකච්ඡාවක් සිදුකරන බව ජාතික හෙළ උරුමයේ මාධ්‍ය ප‍්‍රකාශක නිශාන්ත ශී‍්‍ර වර්ණසිංහ මහතා කියාසිටියේය.

අදාළ සාකච්ඡාවේදී තමන් ගතයුතු ස්ථාවරය කුමක්දැයි මධ්‍යම කාරක සභාව ඊයේ පස්වරුවේ රැස්වී දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බවද ඔහු පැවසිය. 


යම්කිසි විදිහකින් යෝජනාවලියෙන් යම් ප‍්‍රමාණයක් හෝ කි‍්‍රයාත්මක කිරීමට ආණ්ඩුව කැමැත්ත පළ කරන්නේ නම් එහිදී ප‍්‍රමුඛත්වය ලබාදිය යුතු යෝජනා මොනවාද, එසේම එම යෝජනා කි‍්‍රයාත්මක කිරීම සම්බන්ධයෙන් ඇතිවන යම් යම් සංශෝධන කෙටුම්පත් කිරීමේදී අත්‍යවශ්‍ය කරන සවිස්තරාත්මක කරුණු පිළිබඳව ද දීර්ඝ වශයෙන් එම මධ්‍යම කාරක සභාවේදී සාකච්ඡාවට ලක්ව ඇත.

'' එසේම අපගේ යෝජනාවලිය පිළිබඳව සාකච්ඡාවට බඳුන් කරන්න ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය පැත්තෙන් අපට ප‍්‍රතිචාරයක් දක්වා තිබෙනවා. ඒ අනුව ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ප‍්‍රධානීන් සමග ජාතික හෙළ උරුමයේ යෝජනාවලිය පිළිබඳව සාකච්ඡා කිරීමට අපි බලාපොරොත්තු වනවා.'' යයි ද වර්ණසිංහ මහතා පැවසිය.  


ජාතික හෙළ උරුමය ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වෙත ඉකුත්දා භාරදුන් යෝජනාවලිය ඔවුන්ගේ 11 වන ජාතික මහා සම්මේලනයේදී සම්මත කරගත් එකකි.

 දේශපාලන ප‍්‍රතිසංස්කරණ, රාජ්‍ය පාලනය, නීතිය හා අධිකරණය, ආර්ථික සංවර්ධනය, සිංහල උරුමය සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු වන ක්‍ෂේත‍්‍ර යටතේ කරුණු 33ක් ඊට ඇතුළත් වේ.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us