ජනාධිපතිවරණයේදී ලක්ෂ 9කට ඡන්ද අයිතිය අහිමි වන ලකුණු !

Published in පුවත්
Monday, 27 October 2014 10:46
ජාතික හැදුනුම්පත් ලබාදීමේ ජංගම සේවා ඇරඹෙයි
 
ඉදිරි ජනාධිපතිවරණයේදී සැලකිල්ලට ගැනෙන ඡන්ද හිමි නාම ලේඛණයට අනුව ජාතික හැදුනුම්පතක් හෝ පිළිගනු ලබන අනන්‍යතා පත්‍රයක් නොමැති වීම හේතුවෙන් ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය අහිමිවන පිරිස ලක්ෂ 9 කට ආසන්නය.
මෙම පිරිසගේ ඡන්ද අයිතිය ආරක්ෂා කර දීම සදහා  කැෆේ සංවිධානය , ශ්‍රිලංකා මානව හිමිකම් කේන්ද්‍රය (CHR) සහ පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව එක්ව දිවයිනේ පළාත් ගණනාවකම ඡාතික හැදුනුම්පත් ලබාදීමේ ජංගම සේවා ක්‍රියාත්මක කරමින් තිබේ.බදුල්ල, ත්‍රිකුණාමලය සහ මාතර යන දිස්ත්‍රික්කවල ඉදිරි ඡනාධිපතිවරණයට පෙර ජාතික හැදුනුම්පත් ලබාදීම සදහා මෙම ජංගම සේවා ක්‍රියාත්මක වේ.
 
මෙහි පළමු පියවර ඊෙය් (26) බදුල්ල දිස්ත්‍රික්කයේ ලුණුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දී ඇරඹිණ. මෙහි පළමු සායනය අති සාර්ථක අන්දමින්  ලුණුගල ගල්උල්ල විද්‍යාලයේදී පැවැත්විණ. 26 සිට ලබන නොවැම්බර් 2 වනදා දක්වා මෙම වැඩසටහන් බදුල්ල දිස්ත්‍රික්කය පුරා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.ඒ පහත පරිදි සෑම දිනකම පෙරවරු 8.30 සිට පස්වරු 5.00 දක්වා මෙම  ජංගම සේවාව ක්‍රියාත්මක වෙයි.
 
27 - ලුණුගල ප්‍රාදේශිය  ලේකම් කාර්යාලය , 28- පිටමාරුව සති පොළ මධ්‍යස්ථානය, 29 - මීගහකිවුල ප්‍රා.ලේ කාර්යාලය, 30- මහියංගණය ප්‍රා.ලේ කාර්යාලය, 31- ගිරාදුරුකෝට්ටේ සංවර්ධන මධ්‍යස්ථානය, නොවැ 1 - රිදීමාලියද්ද ප්‍රා ලේ කාර්යාලය, නොවැ 2- වැලිමඩ ප්‍රා ලේ කාර්යාලය
 
මෙම ස්ථාන වලදී ජාතික හැදුනුම්පත්, උප්පැන්න සහතික ආදී සියලු අනන්‍යතා පත්‍ර ලබාදීමේ ජංගම සේවා ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබේ. මෙහිදී ජාතික හැදුනුම්පත්  නිකුත් කිරීමේදී අවශ්‍ය වන ඡායාරූප කැෆේ සංවිධානය සහ ශ්‍රිලංකා මානව හිමිකම් කේන්ද්‍රය (CHR ) විසින් නොමිලේ ලබා දෙන අතර මෙහිදී සැපයෙන කිසිදු සේවාවක් සදහා මුදලක් අය නොකෙරේ.
 
ඉදිරි ජනාධිපතිවරණයට පෙර ජාතික හැදුනුම්පත් ඇතුළු අනන්‍යතා සහතික අහිමි විසිදහසක පමණ පිරිසකට මෙම ජංගම සේවා මගින් සේවා සැපයීමට කැෆේ සංවිධානය සහ ශ්‍රිලංකා මානව හිමිකම් කේන්ද්‍රය අපේක්ෂා කරයි.
kDSC 0576-Medium
 
kDSC 0577-Medium
 
kDSC 0580-Medium
 
kliyan9
 

 

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us