ජනාධිපති, සෝභිත හිමිගෙන් සමාව ගනී Featured

Published in පුවත්
Monday, 27 October 2014 09:58

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජේ‍්‍යෂ්ඨයන් සහ ජාතික හෙළ උරුමයේ නායකයන් අතර පසුගිය 21දා පැවැති සාකච්ඡාව අතරතුර තමන් එයින් ඉවත්ව යෑම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා පසුදින හෙළ උරුමයේ නායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන්ගෙන් සමාව ඉල්ලා තිබේ.

ජාතික හෙළ උරුමය මඟින් සකස් කර ඇති ව්‍යවස්ථා සංශෝධන යෝජනා පිළිබඳ හෙළ උරුමයේ නායකයන් පැහැදිලි කරමින් සිටියදී ජනාධිපතිවරයා මෙසේ නැගිට ගොස් ඇත. එමඟින් හෙළ උරුමයේ නියෝජිත කණ්ඩායමට අපහාසයක් සිදු කිරීමට තමන්ට අවශ්‍ය නොවූ බවත්, එයින් යම් සිත් රිදීමක් සිදු වූයේ නම් සමා වන ලෙසත් ජනාධිපතිවරයා ඕමල්පේ සෝභිත හිමියන්ට පවසා තිබේ.


සාකච්ඡාව විනාඩි විස්සයි 



ජාතික හෙළ උරුමයේ නියෝජිත පිරිස හා ජනාධිපතිවරයා අතර පසුගිය ඔක්තෝබර් 21වැනිදා සවස පැවැති සාකච්ඡුාව විනාඩි විස්සක පමණ කාලයකට සීමාවූ බවද, එම කෙටි සාකච්ඡුාව අතරමගදී ජනාධිපතිවරයා කෝපයෙන් සාකච්ඡුා මේසයෙන් නැගිටගොස් ඇති බවද 'රාවය' පුවත්පත වාර්තා කරයි.

ජාතික හෙළ උරුමය හා ජනාධිපතිවරයා අතර මේ සාකච්ඡාව අරලියගහ මන්දිරයේ පැවැත්වුණේ ජනාධිපතිවරයාගේම ආරාධනයෙනි. 


පසුගිය 19වැනිදා පැවැති ජාතික හෙළ උරුමයේ ජාතික සම්මේලනයේදී ගත් සම්මත කළ සත් වැදෑරුම් වැඩපිළිවෙල ජනාධිපති වරයා වෙත ඉදිරිපත් කිරීමටද හෙළ උරුමයේ නියෝජිතයෝ මේ අවස්ථාවේ සූදානම්ව සිටියහ.


සවස 5.30ට පමණ සාකච්ඡාව ආරම්භ කරන ලද නමුත් ඒ අවස්ථාවේ සාකච්ඡුාවට එකතු වූයේ ඇමැති බැසිල් රාජපක්‍ෂ, ඇමති සුසිල් පේ‍්‍රම්ජයන්ත සහ ඇමති ඩලස් අලහප්පෙරුම පමණි. 


බැසිල් ආවේගයෙන් :


සාකච්ඡාව ආරම්භයේදීම නොපහන් ස්වභාවයකින් තරමක් ආවේගශීලීව කතාකළ බැසිල් රාජපක්‍ෂ ඇමතිවරයා, ජාතික හෙළ උරුමය හදන්නේ ආණ්ඩුව හිරකරගැනීමට බව කියා තිබේ.

 එහිදී අදහස් දැක්වූ ඇමති චම්පික රණවක, ස්වාධීන කොමිෂන් සභා නැවත ඇතිකිරීම, පළාත් සභා බලතලවලින් පොලිස් ඉඩම් බලතල ඉවත්කිරීම යනාදී ඉල්ලීම් තමන් දිගින් දිගටම ආණ්ඩුවෙන් කළ නමුත් ඒවාට යහපත් ප‍්‍රතිචාරයක් මෙතෙක් නොලැබුණු බවද කියා ඇත.

ජනධිපතිවරයා සාකච්ඡාවට පැමිණ ඇත්තේ පැය භාගයක් පමණ ප‍්‍රමාද වීය. ඒ සජින් වාස් ගුණවර්ධන මන්ත‍්‍රීවරයාද සමගිනි. ගුණවර්ධන මන්ත‍්‍රීවරයා සාකච්ඡාවට පිටතින් අසුන්ගෙන ඇත.


ජනාධිපති කෝපයෙන් :



 සාකච්ඡාවට වාඩිවූ අවස්ථාවේ සිටම දැඩි නොපහන් බවකින් හා කේන්තියකින් කතාකළ ජනාධිපතිවරයා, දැන් ව්‍යවස්ථා සංශෝධනය කර කර ඉන්නට වේලාවක් නැති බවද, තමා ජනාධිපතිවරණයකට යන්නට සූදානම් වන බවද, මේ අවස්ථාවේදී කිසිවක් කළ නොහැකි බවද කියා තිබේ. 

අවශ්‍ය නම් හෙළ උරුමයේ යෝජනා තමාගේ මීළඟ ජනාධිපතිවරණ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයට දැමීමට හැකියැ’යිද කී ජනාධිපතිවරයා ඉන්පසු ඒවා ඉටුකිරීම ගැන සලකා බැලිය හැකියැ’යිද කීවේය.

මේ අවස්ථාවේදී මැදිහත්වූ ඕමල්පේ සෝභිත හිමියන් තමන් අද සාකච්ඡාවට පැමිණියේ පක්‍ෂය ගත් තීරණයක් අනුව බවද පවසා තිබේ.



ඔබතුමා බැහැයි කියනවා නම් අපට කරන්නට දෙයක් නැතැ’යි කියමින් රතන හිමියන්ද සාකච්ඡාවට හවුල් වූ විට එහිමියන්ට ආවේගශීලීව ප‍්‍රතිචාර දැක්වූ ජනාධිපතිවරයා හෙළ උරුමය හදන්නේ මාව හිරකරන්නයැ’යි පවසා කේන්තියෙන් සාකච්ඡුා මේසයෙන් නැගිට ගොස් තිබේ.

 ඔහු සාකච්ඡාවේ සිටි මුළු කාලය විනාඩි විස්සකට අඩු බවද ආරංචි මාර්ග කියයි.


සතියක් ඇතුළත පිළිතුරක් :


ජනාධිපතිවරයා පිටව ගිය වහාම නැගිට පිටත්ව එන්නට චම්පික රණවක ඇමතිවරයාද සූදානම් වූ විට ඔහු අස්වැසූ ඩලස් අලහප්පෙරුම හා සුසිල් පේ‍්‍රම්ජයන්ත ඇමතිවරුන් තමන් අවුරුදු ගණනාවක් එක්ව දේශපාලනය කළ බවද, මේ ප‍්‍රශ්න සාමකාමීව විසඳාගන්නට දෙපාර්ශ්වයටම හැකි බවද පවසා ජාතික හෙළ උරුමයේ යෝජනා සන්ධානයේ අනෙක් පක්‍ෂවලටද යොමුකොට සතියක් ඇතුළත පිළිතුරක් දීමට එකඟ වන බවද පවසා තිබේ.

බැසිල් රාජපක්‍ෂ ඇමතිවරයා හා ජනාධිපතිවරයා මේ සාකච්ඡාවේදී දැක්වූ ප‍්‍රතිචාරය බොහෝ දුරට සමාන වීයැ’යිද ඒ ‘හෙළ උරුමය එතරම් වැදගත් නැතැ’යි වැනි ආකල්පයක් බවද වැඩිදුරටත් වාර්තා වෙයි.

මේ අතර ජාතික හෙළ උරුමය සමග පැවැත්වෙන සාකච්ඡුාව සඳහා තමන්ටද ආරාධනාවක් ලැබේයැ’යි බලාපොරොත්තුවෙන් ශ‍්‍රීලනිප මහලේකම් මෛත‍්‍රීපාල සිරිසේන හා පාර්ලිමේන්තුවේ සභානායක නිමල් සිරිපාල ද සිල්වා යන ජ්‍යෙෂ්ඨ පක්‍ෂ සාමාජිකයන් පාර්ලිමේන්තු පරිශ‍්‍රයේ සිට එහි එන්නට සූදානම් ව සිටි බව වාර්තා වන නමුත් ඔවුන්ට ඒ සඳහා කැඳවීමක් නොලැබුණු බවද පැවසෙයි. 


ජාතික හෙළ උරුමය වෙනුවෙන් මෙම සාකච්ඡාවට ඕමල්පේ සෝභිත හිමි, අතුරලියේ රතන හිමි, ඇමති චම්පික රණවක, පළාත් සභා මන්ත‍්‍රී නිශාන්ත ශී‍්‍ර වර්ණසිංහ හා ආචාර්ය අනුරුද්ධ ප‍්‍රදීප් සහභාගි වී සිටියහ.

(ශ්‍රී ලංකා මිරර්)

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

ක්‍රීඩා

Connet With Us