subash
අප මුහුණ දෙන්නේ නිදහසින් පසු බිහිවූ භයානකම මැතිවරණයට
Published in
කාලීන සංවාද
Sunday, 26 October 2014 09:36
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා දිවයින පුවත්පත හා කළ සාකච්ඡාවකි
Tagged under
එළඹෙන ජනාපධිතිවරණයේදී තම පක්‍ෂය එජාප විරෝධී අපේක්ෂකයෙක්ට සහාය දෙන බව ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක ඇමති අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි.
Tagged under
ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් තම උපරිම ශක්තිය යොදා කැප වී කටයුතු කරන බව කම්කරු ජාතික පෙරමුණේ නායක පී. දිගම්බරන් පවසයි.
Tagged under
වසර 2015 සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අයවැය ලේඛනයට විරුද්ධව ඡන්දය පාවිච්චි කිරීමට ජාතික හෙළ උරුමය තීරණය කර තිබේ.
Tagged under
වෙබ් අඩවිවලට ඕනෑ විදිහට වත්මන් ආණ්ඩුව ක්‍රියා නොකරන බව සභානායක, වාරිමාර්ග හා ජලකළමනාකරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.
Tagged under
රතන හිමිගේ යෝජනා ගැන රනිල්ගෙන් ආණ්ඩුවට ප්‍රශ්නයක්
Published in
පුවත්
Saturday, 25 October 2014 18:44
පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ඉකුත් දා ඉදිරිපත් කළ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 19වැනි සංශෝධනය සඳහා වු කෙටුම්පත හදිසි පනතක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ සුදානමක් ඇත්දැයි විපක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා ආණ්ඩුවෙන් අද ප‍්‍රශ්න කළේය.
Tagged under
රුපියල් මිලියන 1507 ක වංචාවක් සිදුකරමින් නොරොච්චෝලේ බලාගාරයට ගල් අඟුරු ආනයනය කල ඉන්දුනීසියාවේ සීමාසහිත තෝරියන් අයන් ඇන්ඩ් ස්ටිල් පෞද්ගලික සමාගමේ (Taurian Iron and Steel Company (Pvt) Ltd ) දේශීය නියෝජිතයා ලෙස කටයුතු කර ඇත්තේ, මනිවන්නම් නමැති ව්‍යාපාරිකයකු බව විදුලි බල අමාත්‍යංශ ආරංචිමාර්ග සඳහන් කරයි.
Tagged under
තමිල්නාඩු ධීවරයින් පිරිසක් ඉන්දීය ජනතා පක්ෂ නායක සුබ‍්‍රමනියම් ස්වාමි ඊයේ (24) මුණ ගැසී අැත.
Tagged under
උතුරු කොරියා දේශසීමාව අසල දේශපාලන ප‍්‍රචාරක පත‍්‍රිකා බෙදාහරින බව දකුණු කොරියා ක‍්‍රියාකාරීන් පවසයි.
Tagged under
අයවැය ප්‍රෝඩාවක්,වැඩකරන ජනතාව ඉල්ලූ වැටුප් වැඩි වීමක් නෑ
Published in
පුවත්
Saturday, 25 October 2014 10:11
මහින්ද රාජපක්‍ෂ මුදල් ඇමතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අයවැය වාර්තාව මගින් වැඩකරන ජනතාවට විශාල වැටුප් වැඩිවීමක් ලබාදෙන බවට හුවා දැක්වීමට උත්සාහ කළත් එමගින් වැඩකරන ජනතාවගේ ඉල්ලීම් සම්පූර්ණයෙන්ම පාහේ ප‍්‍රතික්‍ෂේප කර ඇති බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියි.
රාජ්‍ය සේවකයින්ගේ සියළු දීමනා මූලික වැටුපට එකතු කරන ලෙසත්, රු. 10000/- කින් වැටුප් වැඩිකරන ලෙසත්, නීති සම්මත කර පෞද්ගලික අංශයේ වැටුප් වැඩිකරන ලෙසත් ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් දියත් කළ නමුත් ජනාධිපතිවරයා අයවැයෙන් ලබා දී තිබෙන්නේ රු. 2200/- ක දීමනාවක් හා රු. 924/- ක වැටුප් වැඩිකිරීමක් පමණි.
ඒ අනුව සමස්ත වැඩිවීම රු. 3124/- කි. මෙය සම්පූර්ණයෙන්ම වැඩකරන ජනයා රැවටීමක් වන අතර මහින්ද රාජපක්‍ෂ මහතා බලයට පත්වීමෙන් පසු වැඩිවූ ජීවන වියදම් දීමනාවට අදාලව ගෙවීමට නියමිතව තිබූ හිඟය වන රු. 15302/- ක මුදල කිසිසේත් පියවා ගැනීමට ප‍්‍රමාණවත් නොවන බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය සදහන් කරයි.
''රාජ්‍ය සේවක වැටුපට එල්ලා ඇති දීමනා සියල්ලම මූලික වැටුපට එකතු කරන ලෙස වැඩකරන ජනතාව ඉල්ලා සිටියත් රු.10146/- ක් වන දීමනාවලින් එකතු කර ඇත්තේ 20% ක්, එනම් රු. 23ත් 46/- ක් පමණි. අවම වශයෙන් රු.10,000/- ක අවම වැටුප් වැඩිවීමක් ඉල්ලා සිටියදී ජනාධිපතිවරයා වැඩිකර ඇත්තේ රු. 924/- කි.
නීති සම්මත කර පෞද්ගලික අංශයේ සේවකයින්ට වැටුප් වැඩිකිරීමක් ඉල්ලා සිටියද ජනාධිපතිවරයා පෞද්ගලික අංශයට රු. 10,000 ක අවම වැටුපක් ලබාදීමට යෝජනා කර ඇති අතර එමගින් පෞද්ගලික අංශයට වැඩිවන්නේ රු. 375/- කි. මෙය පෞද්ගලික අංශයේ වැඩකරන ජනතාව අපේක්‍ෂා කළ එකක් නොවේ. තවද වතු කම්කරුවන්ගේ වැටුප් සම්බන්ධව කිසිදු ප‍්‍රකාශයක් අයවැයේ සඳහන් කර නැත.''
මේ තත්වය මත වැඩකරන ජනතාවට ඉතිරිව ඇත්තේ දැවැන්ත වෘත්තීය ක‍්‍රියාමාර්ගයකට අවතීර්ණ වීම බවත් ඒ සඳහා සූදානම් වන ලෙසත් කේ ඩී ලාල්කාන්ත මහතාගේ සභාපතීත්වයෙන් යුක්ත ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය නිවේදනය කරයි.
Tagged under
