ජාතික හෙළ උරුමය ඉදිරිපත් කළ යෝජනාවලිය ක්‍රියාවට නැංවීම සම්බන්ධව රජය මෙතෙක් යහපත් ප්‍රතිචාරයක් නොදැක්‌වීමට විරෝධය පළකිරීම සඳහා මෙම තීරණය ගත් බව එම පක්ෂයේ නියෝජිතයෙක් පුවත් පතකට පවසා තිබුණි.
කෙසේවෙතත් ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජාතික හෙළ උරුමයේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් උදය ගම්මන්පිල මහතා පවසා සිටියේ අයවැය සහ තවත් තීරණාත්මක කරුණු කිහිපයක් පිළිබඳව සාකච්ඡාකර එකඟතාවයකට පැමිණීම සඳහා පක්‍ෂයේ මධ්‍යම කාරක සභාවේ විශේෂ රැස්‌වීමක් අද (26 වැනිදා) පැවැත්වෙන බවයි.