ඔහු මේ බව පවසා සිටියේ ඊයේ (25) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී ජනාධිපතිතුමා හමු වූ අවස්ථාවේදීය.
ඒමෙන්ම වතු ජනතාව නගාසිටුවීම වෙනුවෙන් ජනාධිපතිතුමා ප්රමුඛ රජය ගෙන යන වැඩපිළිවෙළ ද අගය කළ මේ පිරිස වතු ජනතාව දැනට මුහුණ දී සිටින ගැටලු කිහිපයක් පිළිබඳව ද ජනාධිපතිතුමාව දැනුවත් කර ඇත.
කෙසේවෙතත් ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්රී ලංකා මුස්ලිම් කොංග්රසයේ පවසා ඇත්තේ පක්ෂයේ පිරිසක් එජාපයට සහාය ලබා දෙන්නයැයි ඉල්ලා සිටින බවත් තවත් පිරිසක් ආණ්ඩු පක්ෂයට සහාය ලබා දෙන්න යැයි ඉල්ලා සිටින බවත්ය.
එහෙත් සිය පක්ෂය සහාය ලබා දෙන්නේ කාටදැයි යන්න පිළිබඳ තවමත් තීරණය කර නැති බව ඔවුන් පවසා තිබේ. ඒ සම්බ්නධයෙන් අවසන් තීරණය එළැඹෙන නොවැම්බර් මස අවසානයේ ගන්නා බවද ඔවුන් පවසා ඇත.