subash

subash

සන්නද්ධ කණ්ඩායමක් එල්ල කළ වෙඩි ප‍්‍රහාරයකින් පාකිස්ථානයේ - බලූකිස්ථාන් ප‍්‍රාන්තයේ ක්වේටා නගරයේදී  පුද්ගලයින් 8 දෙනෙකු මියගොස්  ඇත.
කොළඹ මාලිගාවත්තේ පිහිටි ධීවර අමාත්‍යංශය ඉදිරිපිට ඉකුත් දා පැවති උද්ඝෝෂණයට එල්ල වූ ප‍්‍රහාරය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන්නැයි සමස්ත ලංකා පොදු ධීවර සම්මේලනය ඉල්ලා සිටී.
කල්පිටිය, කන්දකුලිය ගුවන් හමුදා පුහුණු කඳවුරේ සිදුවු පිපිරීමකින් සෙබළුන් 03 දෙනෙකු තුවාල ලබා ඇත.

හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතාව රටින් නෙරපීමට කටයුතු කළ යුතු බව, බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලබොඩඅත්තේ ඥාණසාර හිමියන් කොළඹදී මාධ්‍ය අමතමින් සඳහන් කළහ.

ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක විරාත් කෝලි සහ සුරූපි නිළි අනුෂ්කා ශර්මා අතර පවත්නා ප්‍රේම සම්බන්ධය පිළිබද විවිධ කටකතා අසන්නට ලැබුණි.

කැනඩා පාර්ලිමේන්තු පරිශ‍්‍රය තුළ අද සිදුවූ ප‍්‍රහාරය  ඇතැම්විට සැළසුම් සහගත ප‍්‍රහාරයක් විය හැකි ඇමරිකානු ජනාධිපති බැරැක් ඔබාමා පවසයි.

ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල කුකුළු මස්‌ පරිභෝජනය කිලෝ ග්‍රෑම්‌ 8 1/2ක්‌ දක්‌වා ඉහළ ගොස්‌ ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

ජනතා විමුක්ති පෙරමුණ අද(23) දිනයේ මැතිවරණ කොමසාරිස්වරයා හමුවීය.

කුඩා දරුවන් සමග සිඟමනේ යෙදෙන පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය කි‍්‍රයාත්මක කරන බව පොලිසිය පවසයි. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා සඳහන් කළේ එවැනි පුද්ගලයින් සම්බන්ධයෙන් වන තොරතුරු ඇත්නම් ඒ සම්බන්ධයෙන් ළඟම ඇති පොලිස් ස්ථානයට ලබා දෙන ලෙසය.

මීට වසරකට පමණ පෙර දඹුල්ල ප‍්‍රදේශයේදී  අතුරුදන් වූ සිව් හැවිරිදි පිරිමි දරුවෙකු සිඟමන සඳහා යොදාගත් බව කියන යාචකයෙකු  ඊයේ අම්බලන්ගොඩදී අත්අඩංගුවට ගැනුණි. මේ වන විට අදාළ සැකකරු දඹුල්ල මහේස්ත‍්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කර ඇත. අදාළ දරුවා සිය මිත්තණිය සමග අම්බලන්ගොඩ බස් නැවතුම්පොළේ සිටියදී මෙම පැහැරගැනීම සිදුවී ඇත.

කෙසේ වෙතත් අදාළ මිත්තණිය ද සිඟමනේ යෙදුණු කාන්තාවක් බව පරීක්ෂණවලදී අනාවරණ වූ බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

මෙම දරුවා සොයා ගැනීමට පොලිසිය විසින් මාස 10ක පමණ කාලයක් විවිධ උත්සහ දැරීය. දඹුල්ල පොලිසිය වෙත ලද තොරතුරක් මත එවැනි දරුවෙකු සොයාගෙන ඇත. එම සොයාගත් දරුවාගේ මව සහ මිත්තණිය විසින්, තමන්ගේ දරුවා බවට හදුනාගෙන තිබේ. එමෙන්ම මෙම දරුවා යාචකයෙක් බාරයේ තබාගෙන සිට ඇති අතර දරුවාගේ මිත්තනිය ද යාචක වෘත්තියේ දී සිටි බවට ද තොරතුරු අනාවරණය වී ඇත.

මාතෘත්වය හා පිතෘත්වය පරික්ෂා කිරීම සදහා DNA පරීක්ෂණයක් සිදු කිරීමට නියමිතව ය.

පාරාදීසය නරකාදියක් කිරීම දෙවන කොටස

හරිත විප්ලවයට අපගේ ගොවිතැන ගොදුරු කර මෙම වසර වන විට වසර පනහක්ටත් වැඩියෙන් ගත වී ඇත.වසර දෙදහස් පන්සියයක අප දන්නා ඉතිහාසට තුල අපගේ රට පැවතියේ කෘෂිකාර්මික රටක් ලෙසය. ඊට හේතුව නිවර්තන කලාපය තුළ පිහිටා තිබෙන රටවල තිබෙන ගුණාංග රැසක් මේ බිමෙහි දක්නට ලැබීමයි.

Connet With Us