ජාතියේ මළගම හා ගොවියා

Thursday, 23 October 2014 10:28

පාරාදීසය නරකාදියක් කිරීම දෙවන කොටස

හරිත විප්ලවයට අපගේ ගොවිතැන ගොදුරු කර මෙම වසර වන විට වසර පනහක්ටත් වැඩියෙන් ගත වී ඇත.වසර දෙදහස් පන්සියයක අප දන්නා ඉතිහාසට තුල අපගේ රට පැවතියේ කෘෂිකාර්මික රටක් ලෙසය. ඊට හේතුව නිවර්තන කලාපය තුළ පිහිටා තිබෙන රටවල තිබෙන ගුණාංග රැසක් මේ බිමෙහි දක්නට ලැබීමයි.

වසරකට දෙවරක් කාල දෙකකදී දෙපසින් ලැබෙන මෝසම් වැස්සත්, අධික වූ ජෛවවිවිධත්වයත් යොදා ගැනීම මගින් කල ගොවිතැන් ක‍්‍රමයක් ගොඩ නැංවීමට අපේ මුතුන් මිත්තෝ සමත් වූහ. මේ ගෙවිතැන් ක‍්‍රමයේ සුවශේෂි බව නම් මේ පරිසරයේම මුල් ඇද ගෙන එහිම ජීවත් වන ජීවියෙකු බවට පත්විමය.

නමුත් පසුගිය කාලය පුරා මෙරට ගොවිතැන දියුණු කිරීමට ලබාදුන් උපදෙස් සහ උපක‍්‍රම අපගේ ගොවිතැන අර්බුදයකයට ඇද දමා ඇත. එ් හැම උපදෙසක්ම සහ කි‍්‍රයාමාර්ගයක්ම හරහා අද වනවිට මෙරට ගොවිතැන අවසන් හුස්ම හෙලීම කරා වේගයෙන් යොමුවෙමින් ඇත. අපි තේරුම් ගතයුතු මූලික කරුණ වන්නේ නිදහසින් පසු කාලය පුරා මෙරට පැවති සෑම රජයක් මගින් අපේ ගොවිතැන නැංවීම සඳහා ගෙන ඇත්තේ සහමුලින්ම වැරදි කි‍්‍රයාමාර්ග බවයි. ඒනිසා අද මේ අර්බුදයෙන් ගොඩ ඒමට මං සොයන විට තේරුම් ගත යුත්තේ ඉක්මණින්ම මේ ක‍්‍රම වේදය වෙනස් කල යුත බවයි.

මේ සඳහා කළ යුතු මුල්ම කරුණ වන්නේ වසර දහස් ගනණක් පැවැති අපේ ‘ගොවිතැන’,යුරෝපීය ආක‍්‍රමණයෙන් පසු ‘කෘෂිකර්මය’ බවට පත්වූ ආකාරය තේරුම් ගැනීමයි අපගේ සම්ප‍්‍රදායික කෘෂීකර්මයේදි කෘතිම පොහොර හෝ කෘතිම රසායන භාවිතා නෙකලේය.එයට හේතුව අපගේ සමිප‍්‍රදායික කෘෂීකර්ම වහර පරිසර හිතකාමි එකක් වීමයී.

ගොවි බිමේ පොහොර නිපදවීමේ කි‍්‍රයාවලිය සිදු වූයේ පස තුළය. පසේ ඇති තෙත් ස්වභාවය පසමතුපිටට වැටෙන සිය මළ ද්‍රව්‍ය කොටස් ජීර්ණ කළ හැකි බැක්ටිරීයා, දිලීර සහ ශුද්‍ර ජීවීන්ගේ වාසස්ථාන බවට පත් කර ඇත. ඒ නිසා එම ජීවින් පස තුළ පොහොර නිපදවන යන්ත‍්‍රය බවට පත්වී තිබේ. මෙමගින් වගාවට අවශ්‍ය පොහොර පස තුළ නොමිලේම නිපදවනු ලැබීය. මෙය එක් කි‍්‍රයාවලියක් ලෙස නොව කි‍්‍රයාවලීන් මාලාවක් ලෙස පවත්වා ගැනීමට අපේ මුතුන් මිත්තෝ සමත් වූහ. ඒනිසාම මෙරට ගොවිතැනේ හේනට, කුඹුරට සහ ගෙවත්තට පිටතින් කෘත‍්‍රිම පොහොර ගෙනැවිත් දැමීමේ අවශ්‍යතාවන් පැන නැගුනේ නැත.

වසර දහස් ගණනක් තිස්සේ පැවති අපේ මෙම ගොවි තාක්ෂණය පස නිසරු කිරීමකින් තොරව සහ බාහිර කෘති‍්‍රම පොහොර යෙදවීමකින් තොරව පවත්වා ගත හැකි වීමයි. මේනිසාම අපේ සාම්ප‍්‍රදායික ගොවියා සොබාදහමේ කි‍්‍රයාවලිය මත රැඳෙමින් තම ගොවිතැන් කටයුතු කළ අතර සොබාදහමෙන් පිටත කිසිවක් මත යැපෙන්නේ නැතිව ස්වාධීනව තම ගොවිතැන කරගෙන ගියේය. පිරිතේන් ,සමිප‍්‍රධායික ක‍්‍රම මගින් ගොවිතැන අරක්ෂා කල සම්ප‍්‍රදයික ගොවියා සැබෑ පරිසරවේදි‍ෙයකු ද විය.

මේ තත්වය වෙනස් වූයේ බහුජාතික සමාගම්වල සැළසුම් අනුව හරිත විප්ලවය හරහා අපට හඳුන්වා දී තිබෙන, වත්මන් කෘෂිරේමය මගින්ය. එහිදී මුලින්ම සිදු කළේ අපේ බිමට ගැලපෙන වී ප‍්‍රභේද ඉවත් කර, වැඩි අස්වැන්නක් ගැන සිහින පෙන්වා දෙමින්, අයි ආර් 8 වැනි ආගන්තුක වී ප‍්‍රභේද හඳුන්වා දීමයි. එය මෙතෙක් මෙරට පැවැති පරිසරය සමග බැඳුණු ගොවිතැන වනසා දමා, ඒ වෙනුවට පරිසරයේ ස්වභාවය වෙනස් කරන ක්‍රමවේදයක් විය.

මෙහි ප්‍රතිඵලය වන්නේ මෙතෙක් පැවති පරිසරය සමග බැඳුන ගොවිතැන කෘත‍්‍රීම රසායන ද්‍රව්‍ය මත යැපෙන දෙයක් බවට පරිවර්ථනය කිරීමයි. අද පවතින මෙම ගොවිතැනේදී සිදුවන ප‍්‍රධාන විනාශයක් වන්නේ පස මගින් සිදු කරන ස්වාභාවික කි‍්‍රයාවලිය බිඳ දැමීමයි. මේ සඳහා යොදා ගන්නා මිත්‍යා මතය වන්නේ රසායනික පොහොර යෙදීම මගින් වැඩි අස්වැන්නක් ලැබෙන බවත් එයින් ගොවීන්ගේ ආදායම ඉහළ යන බවත්ය. රසායනික පොහොර හඳුන්වා දුන් මුල් කාලයේ ඒවා නොමිලේ සහ ඉතා අඩු මුදලකට ලැබුන විට මේ කරුණ සත්‍යයක් විය. පස මරා දැමූ නමුත් ටික කලක් යන විට ඒනිසා සිදු වූයේ රසායනික පෙහොර මගින් පසේ කි‍්‍රයත්මක වූ පොහොර නිපදවීමේ කි‍්‍රයාවලිය බිද වැටීමයි.

රසායනික පොහොරවල කි‍්‍රයාකාරීත්වය නිසා පස තුළ කාබනික ද්‍රව්‍ය ජීර්ණ කිරීමේ කාර්්‍යයෙහි යෙදුනු බැක්ටීරියා, දිලීර සහ ශූද්‍ර ජීවීන්ට ජීවත් විය හැකි පරිසරය වෙනස් විය. මේ නිසා පස තුළ මොවුන්ගේ කි‍්‍රයාකාරීත්වය දුර්වල වී පසේ ස්වාභාවික පොහොර නිපදවීමේ කි‍්‍රයාවලිය වේගයෙන් බිඳ වැටීම සිදුවිය. මේනිසා වැඩි අස්වැන්නක් ලබා ගැනීමට නම් වැඩි වැඩියෙන් පෙහොර යෙදීමට සිදු වූ අතර ඒ සමගම පසේ ස්වාභාවික පොහොර නිපදවීමේ හැකියාව තවදුරටත් බිඳ වැටි, රසායනික පෙහොර නොමැතිව වගාවන් කළ නොහැකි මළ පසක් බවට අපේ පස පත් කරවීය. ඒ සමගම කල්යල් බලා පොහොර මිලද ක‍්‍රමයෙන් ඉහළ නැංවීමට බහු ජාතික සමාගම් කටුයතු කළේය.

පළිබෝධනාශක හරහා සිදු වූයේද මෙම කරුණමය. රසායනික පොහොර මත පමණක් වැඞීම නිසාත් එකම වර්ගයේ පෝෂණ කොටස් ශාක වලට ලැබීම නිසාත් ඇතැමි ලෙඩ රෝග වලට එම ශාක පහසුවෙන් ගොදුරු විය. එලෙස දුර්වල වන ශාක තවතවත් පහසුවෙන්ම ලෙඩ රෝගවලට සහ පළිබෝධකයින්ට ගොදුරුවීම සිදුවිය. ඒනිසා අද මහ පරිමාණයෙන් පළිබෝධනාශක යෙදීමෙන් තොරව ගොවිතැන් කිරීමට නොහැකිව තිබේ. ඒවායේ මිළ ඉහළ යාමත් සමගම ගොවියාට සිදුව ඇත්තේ දැවැන්ත මුදලක් ගොවිතැන් කිරිම සඳහා යෙදවීමටය.

අද වනවිට ඵලදාව නිසා ලැබෙන ආදායම ගොවිතැනට යොදන මුදලට අඩු වන තරමටම කෘෂි රසායන සඳහා
වියදම අධික වී ඇත. ඒ හේතුවෙන් මේ වන විට ගොවියා මෙන්ම මෙරට සමස්ථ ගොවිතැනද අද බහුජාතික සමාගම්වල ප‍්‍රාණ ඇපකරුවන් බවට පත්ව ඇත. අවසානයේ පිරිවැය ප‍්‍රමාණයටවත් අස්වැන්න අලෙවි කර ගැනීමට නොහැකිව සිය පණ නසා ගැනීමට තරම් අසරණ තත්ත්වයකට අපේ ගොවීන් පත්ව ඇත.

ඇත්තේම අද මේ ගොවිතැන මගින් මෙරට ආහාර අවශ්‍යතාවන් සපුරා තිබේද? හරිත විප්ලවය මගින් හඳුන්වාදුන් ගොවිතැන අපේ පරිසරයට සහ ගොවියාගේ ජීවන තත්වය විනාශ කර දමා තිබේ. අනෙක් අතින් එමගින් ගොවිතැන දියුණූ වී, රට සංවර්ධනය කරා යාම වෙනුවට දැවැන්ත ලෙස ණය වූ රටක් මෙන්ම ණය නොමැතිව ගෙනයා නොහැකි පරාධීන රටක් බවට අද වනවිට අප පත්වී තිබේ.

අවසානයේ අද වී ඇතුලු සෑම වගාවකටම සම්පූර්ණයෙන්ම බහු ජාතික සමාගම් විසින් නිපදවන රසායනික පොහොර සහ පළිබෝධනාශක මතම යැපීමට සිදුවි තිෙබී.වී ගොවිතැන සඳහා යෙදවීමට සිදු වන මුදල දිනෙන් දින ඉහළ යාමන් පවති. යොදන කෘෂි රසායන ප‍්‍රමාණය ඉහළ යන විට ඊට සාපේක්ෂව අස්වැන්න ඉහළ යාම වෙනුවට දැන් සිදු වෙමින් ඇත්තේ ලැබෙන අස්වැන්න ප‍්‍රමාණය අඩු වෙමින් තිබීමයි. යොදන කෘෂි රසායනවල ප‍්‍රමාණය වැඩිය.අස්වැන්නක් නොලැබීම මෙන්ම ලැබෙන අඩු අස්වැන්නද සාධාරණ ලාභයක් සහිතව අළවි කිරීමට නොහැකි වීමද අද පවතින අර්බුධයේ ප‍්‍රධාන ලක්ෂණයක්ය. අද පවතින ගොවිතැන මෙරට ගොවියා සහ රටේ ආහාර සුරක්ෂිතතාව කරා යාම වෙනුවට ගොවියා ගොවිතැනින් ඉවත් කර පිටරටින් ආහාර ගෙන ඒමට සිදුවන තත්වයට පත් කර ඇත.

එමෙන්ම අනුරාධපුර පොළෙන්නරුව ඇතුළු සමිප‍්‍රදයික ගොවිබිමිවල ජනතාව කෘෂීරසායන භාවිතයේ ප‍්‍රතිඵලයක් ලෙස දිනෙන් දින වකුගඩු ,පිළිකා වැනි රෝග තත්වයන්ට පත්වෙමින් ඇත.දේශයට බත සැපයූ ගොවියා මර ඇදට වැටි හඩන මොහොතක මිය ගිය සමිප‍්‍රධයික ගොවිතැනට පණ දෙමින් එම කර්ය භාරය දැන්වත් අරම්භ කල යුතුය.

මේ අනුව අද ගොවියා සහ රටේ ගොවිතැන රට නංවාලන වැඩ පිළිවෙලක් වෙනුවට බහුජාතික සමාගම්වල පැවැත්ම වෙනුවෙන් සැකසුණු උගුලක් බවට අපගේ ගොවිතැන පත්ව තිබේ. ඒනිසා ගොවිතැන මත රට සංවර්ධනය වීම වෙනුවට අපි තවතවත් ලෝකයට ණය වෙන ජාතියක් බවට පත්ව ඇත. අවසානයේ මේ උගුලට අපව යොමු කළ විදේශීය උපදේශකයන් අපට දැන් කියන්නේ මෙරට වී ගොවිතැන ලාභදායක් නොවන බවත් ඒනිසා වී ගොවිතැන අත්හර දමා පිටරටින් සහල් අඩුමිලට ගෙනවිත් ආහාරයට ගන්නා ලෙසත්ය. අනෙක් අතින් වගාව දියුණු කර වැඩි අස්වැන්නක් ලබා ගැනීමට ගොවියාට ගෙනවිත් දුන් කෘෂි රසායන පානයකර මිය යාමට අද ගොවියාට මේ ගොවිතැනේ ප්‍රතිඵල නිසා සිදුව ඇත.

ඒඅනුව පැහැදිලිවම අප විදේශ උපදෙස් මත මෙතෙක් කල් කළ කෘෂිකර්මය වෙනුවට නැවත වරක් මේ පොළවට ගැලපෙන ගොවිතැනක් කරා යාමට සිදුව ඇත. මෙරට ගොවිතැන ගැන ජාතික ප‍්‍රතිපත්තියක් අවශ්‍ය වන්නේ මේ උගුලෙන් ගොවියාත් රටත් බේරා ගැනීම සඳහාය. ජාතික ප‍්‍රතිපත්තියක දැක්ම ජාතික ප‍්‍රතිපත්තියක් සැකසීමේදී මුලින්ම සාකච්ඡාවට ගත යුතු වන්නේ අප සැකසිය යුත්තේ ජාතික ගොවිතැන් ප‍්‍රතිපත්තියක් යන්න වගයි.නැතිනමි එයද යලිත් වරක් බහු ජතික සමාගමි පොහොසත්
කරන අර්ථික ඝාතකයින්ගේ මර අගුලක් බවට පත්වීමට ඉඩ ඇත.

හරිත විප්ලවය උරුම කර දුන් වහල් කෘෂි කර්මය හිස මත තබාගන පිටරටට ආවඩන ක‍්‍රමවේදයක් තුල අද වන විට අපගේ ගෝවි බිම් අක්කර දහස් ගණනින් වීදේශ සමාගමි සතු කීරිම මෙි වනවිට ආරමිබ කර ඇත(Agro colonilisam)කෘෂි අධීරාජ්‍යය වාදයට අමු අමුවේ යට වෙමින් වෙල්ලස්සේ හා රජරට ගොවිබිමි දහස් ගණනින් මෙලෙස වීදේශ සමාගමි වෙත දැනටමත් පවරා දී තිබේ.

හරිත විප්ලවය නැමති මර උගුල අපට පටවා වසර පනහක් ගතවොන මේ මොහොතේද අපගේ සම්ප‍්‍රදායික ගොවිතැන පණ අදිමින් මෙන් තැනින් තැන ඉලිප්පෙමින් යටවෙමින් පවතී.එවන් මොහොතක අපට සිදුවී තිබෙන වින්නැහිය තෙරුමිගේන මේ උගුලෙන් බේරී, අපේ ගොවියා මෙන්ම මෙරට සැබෑ ආර්ථික සංවර්ධනයක් කරා යාමේ ප‍්‍රධාන බල වේගය බවට ගොවිතැන පත් කිරීමේ හැකියව අප සතුව ඇත. නමුත් පවත්නා මෙම ක‍්‍රමයේ වෙනසක් නොකර ඒ ගමන යා නොහැකි බවත් පැහැදිලිය. මේ සඳහා අප මෙන්ම, මේ උගුලේ සිරවී සිට අද ඉතා සාර්ථක ලෙස ඒ උගුලෙන් ගැළවෙමින් සිටින මැලේසියාව, ඉන්දුනීසියාව, කොරියාව මෙන්ම ඉන්දියාව වැනි රටවල අනුගමණය කරන කි‍්‍රයාමාර්ග අද අප යායුතු මග පිලිබඳ හොඳ මග පෙන්වීමක් වී ඇත. ඒ නිසා අපේ සැබෑ සංවර්ධන මාවත විවර කිරීමට නම් අපේ සම්පත් භවිතා කරමින් අපේ අවශ්‍යතා ඉටු කරන මෙන්ම ස්වාධීන වූ සහ නිවහල් ගොවි ප‍්‍රතිපත්තියක් සකස් කළ යුතුය. නැතිනම් අද පවතින ගොවි තැන ඔස්සේ යා හැත්කේ පරිසරය සහ ගොවියා වනසා දමා, ගොවි බිම් බහු ජාතික සමාගම්වලට හිමිකර දී, ගොවියා ඒ සමාගම්වල කම්කරුවෙක් කරන අවසානයක් කරාය. එනම් නව යටත් විජිතවාදී සැළසුම සාර්ථක කර දෙන අවසානයක් වෙතටය.

රවින්ද්‍ර කාරියවසම්
පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථාන

Last modified on Thursday, 23 October 2014 12:07

Leave a comment

Gossip

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us