subash

subash

මන්ද පෝෂණය ඉහළට

Published in පුවත්
Monday, 20 October 2014 14:25
නිසි පෝෂණයක් නොමැතිකම නිසා දරුවන් මන්ද පෝෂණයට ගොදුරු වේ.මෙරට දරුවන් අතර මන්දපෝෂණය දිනෙන් දින ඉහළ යමින් පවතින බව වාර්තාවේ.
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතීඥ උපුල් ජයසුරිය මහතාට තර්ජනය කිරීමට සම්බන්ධ පුද්ගලයින් හදුනාගැනීම සඳහා මොරටුව විශ්ව විද්‍යාලයේ සහය ලබා ගැනීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් කොළඹ අපරාධ කොට්ඨාසයට අවසර ලබාදී තිබේ.
විදේශිකයින්ට ඉඩම් විකිණීම තහනම් කිරීමේ ඉඩම් පනත් කෙටුම්පත අද (20) පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතය. සන්තකය පැවරීම සීමා කිරීමේ පනත ලෙසද එය හැදින්වේ.
අයි. එස්. සටන්කාමීන්ට එරෙහිව කුර්දි හමුදා සිදුකරන මෙහෙයුම්වලට සහය ලබාදීම සඳහා ඇමරිකානු ගුවන් හමුදාව අවි ආයුධ, ජීව උණ්ඩ සහ ඖෂධ ලබාදී ඇත.

නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ නව ලේකම් ලෙස හිටපු පොලිස්පති ආචාර්ය මහින්ද බාලසූරිය මහතා පත්ව සිටියි.

ජපානයේ වෙළඳ හා කර්මාන්ත ඇමතිනී යුකෝ ඔබුචි සිය ධුරයෙන් ඉල්ලා අස්වූවාය.
කොළඹ, මාළිගාවත්තේ පිහිටි ධීවර හා ජලජ සම්පත් අමාත්‍යංශය ඉදිරිපිට මේවන විට ධීවරයින් 500ට අධික පිරිසක් විරෝධතාවයක් ආරම්භ කර තිබේ. 
පළමු වැනි ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පවා මෙම සමලිංගික අයිතිවාසිකම් වෙනුවෙන් සහාය පළ කරන වටපිටාවක, සමලිංගිකයන් සඳහා පුළුල් පිළිගැනීමක් රෝමානු කතෝලික පල්ලිය තුළ ලබාගැනීම වෙනුවෙන් වූ ලියවිල්ල බිෂොප්වරුන් විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
ලොව වෙසෙන ජනගහනයෙන් 10% ක්‌ වන සුපිරි ධනවතුන් ලොව ඇති වත්කම්වලින් 48% ක්‌ අයිතිය දරන බව පසුගියදා කළ සමීක්‍ෂණයකදී හෙළිව අැත.
දකුණු කොරියාවේ ඉංචියොන්හී පැවැත්වෙන ආසියානු පැරා ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවට රිදී පදක්කමක් හා ලෝකඩ පදක්කම් දෙකක් හිමිවිය.

Connet With Us