subash

subash

එල්.ටී.ටී.ඊ. සංවිධානයට පනවා තිබූ තහනම ඉවත් කිරීමට යුරෝපා සංගමය ක්‍රියාකරද්දී ශ්‍රී ලංකාව ඊට එරෙහිව කරුණු නොදැක්වීම සම්බන්ධයෙන් 
ආණ්ඩුවේ විදේශ කටයුතු බව අමාත්‍ය ජි.එල්. පිරිස් මහතාට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ගෙන ඒමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇතැයි වාර්තා වේ. 

ජනාධිපතිවරණය ජනවාරි මස මුල් සතියේ පැවැත්වීමට ආණ්ඩුව ස්ථීර වශයෙන්ම තීරණය කර ඇති බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

එල්.ටී.ටී.ඊ. සංවිධානයට පනවා තිබූ සම්බාධක ලිහිල් කිරීමට යුරෝපා සංගම් ගත් තිරණය පිළිබඳව සිය විරෝධය ප්‍රකාශ කරන බව බොදුබල සේනා සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් කියයි.

එසේම මෙම තීරණය භයානක තීරණයක් මෙන්ම ලෝකයම අස්ථාවර කළ හැකි තීරණයක් විය හැකි බවද එම සංවිධානය පෙන්වා දෙයි.

එක්සත් ජාතික පක්ෂයේ තනතුරු බෙදීම තවමත් නිමා වී නැත. උෟව පළාත් සභා විපක්‍ෂ නායක, හරීන් ප්‍රනාන්දු එක්සත් ජාතික පක්‍ෂයේ නියෝජ්‍ය ජාතික සංවිධායක ලෙස පත් කිරීමට තීරණය කර ඇති බව එජාප ජාතික නායක රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (17)  පැවසීය.

තම පක්‍ෂය ඊළාම් සංකල්පය මුළුමනින්ම අත් හැර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණයට දිවුරුම් පෙත්සමක් දී ඇති බවත් එබැවින් පොරොන්දු වූ පරිදි ජනාධිපතිවරයා වහාම විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කළ යුතු යැයි දෙමළ සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසයි.

ජනාධිපතිවරණය පෙනි පෙනී සිය ඡන්ද අයිතිය අහිමි කිරීමෙන් පෙනී යන්නේ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාට යළිත් වරක්‌ "ෆොන්සේකා භීතිකාව" වැළඳී ඇති බව යෑයි ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයේ නායක සරත් ෆොන්සේකා මහතා ඊයේ (17 දා) පැවැති මාධ්‍ය හමුවකදී කීවේය.

ලංකාව පුරා පිහිටි ගල් පර්වත පරික්ෂා කිරීමේ වැඩසටහනක් ලබන වසරේ සිට ආරම්භ කිරිමට සැලසුම් කර ඇතැයි පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක ප‍්‍රකාශ කළේය.
එල්ටීටීඊ සංවිධානය ත්‍රස්තවාදී ලැයිස්තුවට ඇතුළත් කිරීමේදී යුරෝපා කවුන්සලය විසින් අනුගමනය කරනු ලැබ ඇති ක්‍රියා පටිපාටිමය පදනම යුරෝපා අධිකරණය විසින් නිශ්ප්‍රභා කරමින් එල්ටීටීඊය පිලිබඳ ලිහිල් පිලිවෙතකට මාරුවීමට ඉඩ සැලැස්වීම, වත්මන් ආණ්ඩුවේ විදේශ අමාත්‍යාංශයේ නොසැලකිල්ලට වඩා, එය රාජපක්ෂ රෙජීමය විසින් සිතා මතා සිදුකළ ඉඩ හැරීමක් යයි එල්ටීටීඊය යුරෝපයේ තහනම් කිරීමෙහිලා විශාල වැඩ කොටසක් කළ හිටපු විදේශ ඇමැති මංගල සමරවීර මහතා පවසයි.
ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා මහතාගේ නම ඡන්ද හිමි නාම ලේඛනයෙන් ඉවත්කරන ලෙස නීතිපතිවරයා මැතිවරණ කොමසාරිස්වරයාට ඊයේ සවස උපදෙස් දී ඇත.

ජයලලිතාට ඇප

Published in පුවත්
Friday, 17 October 2014 12:33
දූෂණ චෝදනා හේතුවෙන් බන්ධනාගාර ගතව සිටින තමිල්නාඩු හිටපු මහඇමති ජයලලිතා ජයරාම්ට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය අද ඇප ලබා දුන්නේය.

Connet With Us