සරත් ෆොන්සේකාගේ නම කැපෙයි

Published in පුවත්
Friday, 17 October 2014 13:23
ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා මහතාගේ නම ඡන්ද හිමි නාම ලේඛනයෙන් ඉවත්කරන ලෙස නීතිපතිවරයා මැතිවරණ කොමසාරිස්වරයාට ඊයේ සවස උපදෙස් දී ඇත.
ප‍්‍රජා අයිතිය අහිමි කිරීමෙන් පසුවත් පසුගිය පළාත් සභා මැතිවරණයේදී ඡන්දය පාවිච්චි කිරීම නිසා සරත් ෆොන්සේකා මහතාට ඡන්ද අයිතිය ඇතිද නැතිද යන්න ගැන ගැටලූකාරී තත්වයක් මතුව තිබුණ අතර එය පැහැදිලි කරන්නැයි මැතිවරණ කොමසාරිස්වරයා නීතිපතිවරයාගෙන් මින් ඉහත ඉල්ලීමක් කර තිබුණි. 
 
නීතිපති දෙපාර්තමේන්තුව ඒ අනුව සිදු කළ විමර්ශනයකින් අනතුරුව පෙරකී තීරණය ඊයේ දැනුම් දී ඇත. ඔහුගේ නම ලියාපදිංචිව තිබුණේ කැස්බෑව ඡන්ද කොට්ඨාශයේ ය.
 
සරත් ෆොන්සේකා මහතාගේ නම ඉවත් කිරීම ගැන අද පක්ෂ ලේකම්වරුන් ඉදිරියේ මැතිවරණ කොමසාරිස්වරයා විසින් නිල වශයෙන් දැනුම්දීමට නියමිතය.
 
ඒ අනුව සරත් ෆොන්සේකා මහතාගේ නම 2014 ඡන්ද හිමි නාම ලෝඛනයෙන් ඉවත් කරනු ඇත. 
Last modified on Friday, 17 October 2014 13:50

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us