'එල්ටීටීඊ ගිණුම්වල කෝටි ගණනක් යුරෝ රාජපක්ෂලාට'

Published in පුවත්
Friday, 17 October 2014 13:50
එල්ටීටීඊ සංවිධානය ත්‍රස්තවාදී ලැයිස්තුවට ඇතුළත් කිරීමේදී යුරෝපා කවුන්සලය විසින් අනුගමනය කරනු ලැබ ඇති ක්‍රියා පටිපාටිමය පදනම යුරෝපා අධිකරණය විසින් නිශ්ප්‍රභා කරමින් එල්ටීටීඊය පිලිබඳ ලිහිල් පිලිවෙතකට මාරුවීමට ඉඩ සැලැස්වීම, වත්මන් ආණ්ඩුවේ විදේශ අමාත්‍යාංශයේ නොසැලකිල්ලට වඩා, එය රාජපක්ෂ රෙජීමය විසින් සිතා මතා සිදුකළ ඉඩ හැරීමක් යයි එල්ටීටීඊය යුරෝපයේ තහනම් කිරීමෙහිලා විශාල වැඩ කොටසක් කළ හිටපු විදේශ ඇමැති මංගල සමරවීර මහතා පවසයි.
 
යුරෝපා සංගමයේ අධිකරණය විසින් ඊයේ සවස දුන් ආන්දෝලනාත්මක තීන්දුව සම්බන්ධයෙන් 'ලංකා ඊ නිව්ස්' වෙබ් අඩවිය හිටපු විදේශ ඇමැතිවරයාගෙන් කළ විමසීමකට පිළිතුරු වශයෙන් ඔහු එසේ සඳහන් කර ඇත. 
 
ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වා ඇති මංගල සමරවීර මහතා මෙසේ ද පවසා ඇත. 
 
‘‘එල්ටීටීඊය යුරෝපා සංගමය තුල තහනම් කිරීමට වැඩ කටයුතු කෙළේ මමයි. ඊට හේතු වුනේ එල්ටීටීඊය සතුව විශාල වශයෙන් විදේශ වත්කම් තිබුනේ යුරෝපා රටවලයි. එම වත්කම් යොදා ගත්තේ ලංකාවේ ත්‍රස්තවාදය සඳහා බැවින් අපට එල්ටීටීඊ ක්‍රියාකාරකම් මෙන්ම එහි මූල්‍යමය පදනම අහෝසි කිරීම අත්‍යාවශ්‍ය වී තිබුනා. 
 
එකළ යුරෝපා සංගමයට රටවල් 25 ක් අයත් වුනා. මා වෙන් වෙන් වශයෙන් සෑම රටක් සමගම සාකච්ඡා කරලා එල්ටීටීඊය තහනම් කරන්න යෝජනා කළත් රටවල් 7 ක් කැමැති වුනේ නෑ. 
 
යුරෝපා සංගමයේ ප්‍රතිපත්ති අනුව තීන්දුවක් ගන්නවා නම් සංගමයට අයත් සියළු රටවල් ඒකමතිකව කැමැති විය යුතුයි. එසේ නැතිව බහුතරයක කැමැත්තෙන් යුරෝපා සංගමය තීන්දු තීරණ වලට එන්නේ නෑ. ඒ නිසා අකමැති වූ රටවල් 7 කැමැත්ත ලබා ගැනීම අපට ගැටළුවක් වුනා. 
 
ඉන්පසුව මා ඇමරිකානු එවක රාජ්‍ය ලේකම් වරිය වූ කොන්ඩලීසා රයිස් මහත්මියත්, ගලේන් බර්න්ස් ආසියාව බාර ලේකම්වරයාත් සමග සාකච්ඡා කළා. පසුව ඒ දෙදෙනා අර අකමැති වූ රටවල් හතේ රාජ්‍ය නායකයන් සමග පුද්ගලිකව සාකච්ඡා කර ඒ අයගේ කැමැත්ත ලබා ගත්තා. 
 
එහෙම විශාල ප්‍රයත්නයකට පස්සේ තමයි 2006 මැයි 29 වෙනිදා යුරෝපා සංගමය එල්ටීටීඊය ත්‍රස්ත සංවිධානයක් ලෙස පිලිගෙන තහනම් කර ඒ අයගේ තිබුනු මහා විශාල ධනයක් සහිත බැංකු ගිණුම් සහ වත්කම් යුරෝපය තුල වාරණය කරන්නේ.
 
දැන් එච්චර අමාරුවෙන් කර ගත්ත දෙයක් රැක ගැනීමට රාජපක්ෂ රෙජීමය අසමත් වෙලා තියෙනවා. 
 
ඒකට ප්‍රධාන හේතුවක් තමයි වත්මන් ආණ්ඩුවට නිසි විදේශ ප්‍රතිපත්තියක් නැති කම. 
 
මෙතැන කේපී කරුණා වැනි එල්ටීටීඊ නායකයන්ට සුර සැප දෙන ගමන් අසරණ දෙමළ ජනයා එල්ටීටීඊ කියා සිරගත කරගෙන සිටිනවා. 
 
මේවා මගින් ලෝකයාට දෙන පණිවුඩය කුමක්ද..? ලංකාවේ එල්ටීටීඊ නායකයන්ට නිදහසේ එන්ජීඕ කරගෙන යන්න පිලිවන් නම් ලෝකයේ අනෙක් රටවල් එල්ටීටීඊය තහනම් කරගෙන සිටීද? 
 
මේ සියල්ලටම වඩා මට ලැබී තිබෙන ආරංචි අනුව එල්ටීටීඊ තහනම යුරෝපයේ දිගටම පවත්වාගෙන යෑමට අදාල කටයුතු විදේශ අමාත්‍යාංශ විසින් අරගෙන නෑ. ඒකට හේතුවක් තියෙනවා. 
 
එල්ටීටීඊ තහනම ඉවත් වුනාම යුරෝපයේ අර තහනම් කර තිබුනු ගිණුම් වල සල්ලි සහ විශාල වත්කම් යලින් නිදහස් වෙනවා. 
 
ඒ කෝටි ගණනක යුරෝ මුදල් සහ දේපොල තිබෙන්නේ වැඩියක්ම කේ.පී. යටතේ. 
 
මොකද දැන් ප්‍රභාකරන් ඇවිල්ලා ඒවායේ අයිතිවාසිකම් කියන්නේ නෑනේ. 
 
මේ අති විශාල ධනය කේ.පී හරහා රාජපක්ෂ රෙජීමයට ලබා ගන්න පිළිවන් නිසා තමයි එල්ටීටීඊ වාරණය යුරෝපයේ දිගටම තබා ගැනීමට ආණ්ඩුව කිසිවක් සිදු නොකෙළේ.''
 
(srilankamirror.com)
 
Last modified on Friday, 17 October 2014 14:55

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us