යුරෝපා තීරණයට බොදු බලයේ විරෝධය

Published in පුවත්
Saturday, 18 October 2014 11:02

එල්.ටී.ටී.ඊ. සංවිධානයට පනවා තිබූ සම්බාධක ලිහිල් කිරීමට යුරෝපා සංගම් ගත් තිරණය පිළිබඳව සිය විරෝධය ප්‍රකාශ කරන බව බොදුබල සේනා සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් කියයි.

එසේම මෙම තීරණය භයානක තීරණයක් මෙන්ම ලෝකයම අස්ථාවර කළ හැකි තීරණයක් විය හැකි බවද එම සංවිධානය පෙන්වා දෙයි.



එසේම මෙම තිරණය පිටුපස කුමන්ත්‍රණයක් පැවැතිය හැකි බවත් අල්ලස් යෙදවි ඇති බවට සැකයක් පවතින බවත් එම සංවිධානය වැඩිදුරටත් ප්‍රකාශ කරයි.


එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන්වේ. 

අප රට තුල  තුල මෙන්ම සමස්ත ලෝකයටම ඉතා භයානක බලපෑමක් එල්ල කල එල්.ටී ටී ඊ  ත්‍රස්ත සංවිධානය තහනම් කිරීම පිලිබඳ යුරෝපා සංගමය විසින් 2006 දී ගනු ලැබූ  තීරණය ඉවත් කිරීමට යුරෝපා සංගම් අධිකරණයක් විසින් තීරණය කිරීම පිලිබඳ අප සියලු දෙනා ඉතාමත් සැලකිලිමත් විය යුතුය.

මුලින්ම මෙම තීරණය පිලිබඳ අපගේ කනසල්ල හා විරෝධය බොදු බල සේනා පල කර සිටී.

එකළ පුවත්පත් හා අන්තර්ජාල වාර්තා සලකා බලා ගත් එම තීරණය පරීක්ෂණයකින් ලබාගත් තීරණයක් නොවන බවත් ඒ නොවන හෙයින් මෙතෙක් කල්  එල්.ටී.ටී.ඊ සංවිධානයට පනවා තිබූ තහනම ඉවත් කරන බවත් යුරෝපා සංගමය අධිකරණය තීන්දු කර ඇත.

අප රටේ  නීත්‍යානුකූල රජයට එරෙහිව සියලු පරීක්ෂණ කිරීමට අවශ්‍ය සියලු කටයුතු සිදු කරන  යුරෝපා සංගමය විසින් 2006 සිට එල්.ටී.ටී.ඊ  නම් ත්‍රස්තවාදී සංවිධානයට පනවා තිබූ තහනම  පිලිබඳ සිය තීරණයට අදාළ කිසිදු පරීක්ෂණයක් කිරීමට උනන්දු නොවීම පිලිබඳ ඇති තත්වය කණගාටුදායකය, භයානකය.

යුරෝපා සංගම් උසාවිය විසින් සිදු කල යුත්තේ එල්.ටී.ටී.ඊ  නම් ත්‍රස්තවාදී සංවිධානයට පනවා තිබූ තහනම  ඉවත් කිරීම නොව එම තීරණය ගැනීම සඳහා පරීක්ෂණයක් කිරීමට නියෝගයක් ලබා දීමය. 


එමෙන්ම මෙම තීරණයට අදාලව කිසිදු පරීක්ෂණයක් නොකිරීමට අදාළ පාර්ශව කටයුතු නොකලේ මන්ද යැයි පරීක්ෂණ කිරීමට වහාම නියෝග කිරීමය.

 යුරෝපා සංගමයේ බුද්ධි අංශ මේ ගැන සොයා බැලිය යුතුය.  අඩුම ගණනේ පහත දැක්වෙන විකිපීඩියා පිටුව හෝ කියවා බලන ඕනෑම කුඩා දරුවකුට පවා මෙම යුරෝපා සංගමයේ හාස්‍යජනක එහෙත් කුමන්ත්‍රණකාරී , අතාර්කික හා අදුරදර්ශී තීරණය ගැන සිතා බැලිය හැක. 

http://en.wikipedia.org/wiki/Liberation_Tigers_of_Tamil_Eelam


ලංකාවේ විදෙස් සේවා නිදි :


මෙහිදී අප රටේ  විදේශ අමාත්‍යංශය, යුරෝපයේ තානාපති වරුන් හා නිලධාරීන්  මෙන්ම සිංහල සංවිධාන වල අකාර්යක්ෂමතාව ගැනද අපගේ සැලකිල්ල යොමු විය යුතුය.  විදේශ සේවය මෙන්ම විදේශ හි ක්‍රියාත්මක වන දේශීය බුද්ධි අංශ ද මෙයට වඩා බුද්ධිමත්  විය යුතුය.

එල් ටී ටී ඊ  ය යුදමය වශයෙන් අප රට තුල පරාජය කලද එහි දේශපාලනය දේශීය වශයෙන් හා ජාත්‍යන්තරව පරාජය කිරීමට අපොහොසත් වීම හා රජයේ මෙන්ම විපක්ෂ කණ්ඩායම් වල  කුමන්ත්‍රණ ද මෙම තත්වයට හේතු විය හැක.

එල් ටී ටී ඊ ය හිතවාදී පිරිස්  අප රටේ අස්ථාවරත්වය හා බෙදුම් වාදය පිලිබඳ ඕනෑම කණ්ඩායමක් සමග එකතු විය හැකි බව ඉතිහාසය සාක්ෂි දරන අතර ලෝකයේ දරුණුම ත්‍රස්තවාදී ජාලයක් නිර්මාණය කල එල් ටී ටී ඊ ය විසින් සිය පැරණි සම්බන්දතා  පැවැත්වූ මුස්ලිම් අන්තවාදී කණ්ඩායම් සමග එක්වීමට ඇති ඉඩ කඩ අප විසින් බැහැර නොකළ යුතුය.

(LTTE's shipping fleet has provided logistics support to Harkat-ul-Mujahedeen, a Pakistani group with al-Qaeda affiliations, to transport a consignment of weapons to the Abu Sayyaf Group (ASG) in the Philippines. They also maintain close contact with the Kurdistan Workers' Party (PKK). LTTE had also sent two combat tacticians and explosive experts to the southern Philippines to train members of the Moro Islamic Liberation Front.  (http://www.aljazeera.com/focus/2008/11/2008112019115851343.html)

(However, some of the Tigers' innovations—such as the "jacket" apparatus worn by individual suicide bombers—have been copied by al-Qaeda, the Lebanese militia Hezbollah, and Palestinian groups such as Hamas and the al-Aqsa Martyrs Brigades.

(http://www.cfr.org/separatist-terrorism/liberation-tigers-tamil-eelam-aka-tamil-tigers-sri-lanka-separatists/p9242)


ඉන්දියාවටත් තර්ජනයක් :


යුරෝපයට භූමරංගයක් ලෙස පැමිණිය හැකි මෙම තීරණය වෙනස් කිරීමට සියලු සාමයට  ලැදි බලවේග කටයුතු කල යුතු බව බොදු බල සේනා මතය වන අතර ඇමරිකානු, ඉන්දියානු මෙන්ම යුරෝපීය බුද්ධි අංශ විසින් මෙම අතාර්කික අධිකරණ තීන්දුව පිලිබඳ විශේෂ පරීක්ෂණයක් කිරීම සිදු කල යුතු බව තවදුරටත් ප්‍රක්සහ කර සිටී.

අප රටේ මෙන්ම විදේශගතව ජීවත්වන අහිංසක තමිල ජනතාව 2009 දී එල්.ටී.ටී ඊ පරාජය කිරීමෙන් පසුව සැනසිල්ලේ ජීවත්වූ බව සැබෑවකි. ඔවුන් එල්.ටී.ටී ඊ සංවිධානයට කෙතරම් ඇලුම් කලද තිත්ත ඇත්ත එයය. වසර 30 ක් තිස්සේ බියෙන් සැකෙන් ජීවත් වී දැන් සැනසිල්ලේ ජීවත්වෙමින් ගොඩ නැගෙන්නට උත්සහා කරන අහිංසක දෙමල, මුස්ලිම් හා සිංහල ජනතාවට මෙම තීරණය භයානක ලෙස බලපාන බව අපගේ මතයයි.

අප රටේ මෙන්ම මෙම කලාපයේම සාමයට තර්ජනයක්  වී ඇති මුස්ලිම් ත්‍රස්තවාදයට එරෙහිව සටන් කරන මොහොතක දී එල්.ටී.ටී ඊ  තහනම ඉවත් කිරීම යුරෝපා සංගමය විසින් සිදු කල ඓතිහාසික වරදකි. අතීතයේදී හිට්ලර් ගේ ත්‍රස්තවාදයෙන්  දුක් විඳි යුරෝපයට , මුස්ලිම් ත්‍රස්තවාදයෙන් අද දුක් විඳින යුරෝපයට මෙම තීරණය පැහැදිලිවම භූම්රංගයක් වන බව අපට ඉතාමත් පැහැදිලිය.

2014 සැප්තැම්බර් මස 28 බොදු බල සේනා විසින්  “දැය නගන මග” මහ සඟ සමුළුවේදී  ඉදිරිපත් කරන ලද ජාතික ප්‍රතිපත්ති රාමුව තුල මෙම  ත්‍රස්තවාදයේ සෙවනැලි පිලිබඳ අප පැහදිලිව ප්‍රකාශ කල අතර අප එහිදී මතු කල තර්කය වුයේ  අද දිනයේ ජාතිය හමුවේ ඇති ප්‍රධානම අභියෝගය “ ත්‍රස්තවාදය” පරාජය කිරීම බවය.  එම ප්‍රකාශය කොට මාසයක් යන්නට ප්‍රථම මෙම සිදුවීම අපගේ මතය පැහැදිලිව තහවුරු කරන්නකි.


අනුකම්පාව භයානක භූමිකම්පාවක්:



එල්.ටී.ටී.ඊ.  යට අනුකම්පාවක් දක්වන සියලු පාර්ශව වෙත අප කියා සිටින්නේ මෙම “අනුකම්පාව භයානක භූමිකම්පාවක්” වීමට පෙර  ක්‍රියාත්මක විය යුතු බවය.

යුරෝපා සංගමයේ මෙම අතාර්කික හා අදුරදර්ශී මෙම තීරණය නැවත වෙනස් කොට අහිංසක දෙමල ජනතාව ඇතුළු සියලු දෙනාට සෙත සැලසීම පිණිස බොදු බල සේනා සියලු උත්සාහයන් ගැනීමට කටයුතු කරන බව අවධාරණය කරමු.

බොදු බල සේනා හා  අප සමග සම්බන්දව ඇති සියලු ජාතික බලවේග මෙම විවිධාකාර දුෂ්ට හා පාපකාරී ත්‍රස්තවාදය පරාජය කිරීමටත්  අප රට ආරක්ෂා කිරීමත් අද දින අප හමුවේ ඇති මුලික වගකීම ලෙස සලකා කටයුතු කරන බව පැහැදිලිව ප්‍රකාශ කර සිටිමු.

 අප රටේ විවිධ  දේශපාලනික හා සමාජ සංවිධාන හා නායකයින් ගේ මෙම තහනම ඉවත් කිරීම පිලිබඳ මතද අප ඉතා සුපරික්ෂාකාරීව අධ්‍යයනය කරන බවද තවදුරටත් ප්‍රකාශ කරමු.

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

ක්‍රීඩා

Connet With Us