subash

subash

ගාසා තීරයේ ඊශ‍්‍රායලය සහ පලස්තීනය අතර  ඇතිවූ ගැටුම් විමර්ශනය සඳහා ජගත් සංවිධාන මහ ලේකම් බෑන් කී මූන් විසින් කමිටුවක් පත්කර ඇත.

හොඳ පොලිස් සේවයක් ලබා දීමට හැකිවන්නේ රාජ්‍ය තන්ත්‍රයත් පොලිසියත් මහජනතාවත් ශක්තිමත්වූ විට පමණක් යැයි නීතිය හා සාමය පිළිබද අමාත්‍යාංශයේ නව ලේකම් ලෙස වැඩ භාරගනිමින් ආචාර්ය මහින්ද බාලසූරිය මහතා ඊයේ(21) සදහන් කළේය.

69 වැනි එක්සත් ජාතීන්ගේ දිනය කොළඹ 07 එක්සත් ජාතීන්ගේ පරිශ්‍රයේ දී පැවැත්වේ.

ප‍්‍රවීණ පරිවර්තක සිරිල් සී පෙරේරා මහතා, ප‍්‍රවීණ ඉංග‍්‍රීසි ලේඛිකා පුණ්‍ය කාන්ති විජේනායක සහ ප‍්‍රවීණ දෙමළ ලේඛක ඩොමිනික් ජීවා යන දිවමන් ප‍්‍රවීණ සාහිත්‍යධරයන්ට උපහාර සම්මාන ගෞරවය පුදනු වස් ශ‍්‍රී ලංකාවේ ලේඛකයන්ගේ ජාතික සංවිධානයට අනුබද්ධිත කොළඹ දිස්ත‍්‍රික් ලේඛක සංවිධානය විසින් කොළඹ දිස්ත‍්‍රික් මහ ලේකම් කාර්යාලය හා එක්ව ”කොළොම්තොට ලේඛක ප‍්‍රතිභා ප‍්‍රණාම 2014” නමින් උපහාර උළෙලක් සංවිධානය කෙරේ.
ධීවර සංවිධාන ඒකමුතුව සංවිධානය පසුගිය 20 දින ධීවර අමාත්‍යාංශය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරතවුනි. ඒ මුහුදු තීරය විදේශිකයන්ට බදු දීම හා ඒම විදේශික නැව් මගින් අල්ලනු ලබන මසුන් දේශීයහා විෙද්ශීය වෙළද පොළට මුදාහැරීමට එරෙහි වීමටය.

සිය පෙම්වතිය රීවා ස්ටීන්කෑම්ප් ඝාතනය කළ දකුණු අප්‍රිකානු මළල ක්‍රීඩක ඔස්කාර් පිස්ටෝරියස්ට වසර පහක සිර දඬුවම් ලබා දීමට එරට අධිකරණයක් තීන්දු කරයි.

තමා විදේශ අමාත්‍ය පදවිය දැරූ සමයේ දියත් කළ රාජ්‍යතාන්ත්‍රික උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙසින් එල්ටීටීඊ ය තහනම් කෙරුණු බව පවසන මංගල සමරවීර මන්ත්‍රීවරයා, එම තහනම ඉවත් කිරීමේ වාසිය හිමිවන්නේත් ආණ්ඩුවේම හිතවතුන්ට බවට චෝදනා කරයි.

ජිනීවාහී ශ‍්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරියක වු, විදේශ කටයුතු අමාත්‍යාංශයේ  වත්මන් ලේකම් ක්ශෙනුකා සෙනවිරත්න එල්.ටී.ටී.ඊ සංවිධානයට සම්බන්ධ සාමාගමක හිමිකරුවෙකුට සිය නිළ නිවස අලූත්වැඩියා කිරීමට කොන්ත‍්‍රාත්තුවක් ලබාදුන් බවට එල්ල වන චෝදනා රජය ප‍්‍රතික්ෂේප කරයි.

'පන්දම' ඡන්ද ලකුණ සහිත සරත් ෆොන්සේකා මහතාගේ නායකත්වයෙන් යුතු ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්‍ෂය එළැඹෙන ජනාධිපතිවරණයට සඳහා තරඟ නොකිරීමට තීරණය කර ඇතැයි වාර්තා වෙයි.

ආණ්ඩුවේ පාර්ශව කරුවෙක් වන ජාතික හෙළ උරුමය හා ජනාධිපතිවරයා අතර සාකච්ඡා බිඳවැටී ඇතැයි ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග වලින් වාර්තා වේ.

Connet With Us