69 වැනි එක්සත් ජාතීන්ගේ දිනය කොළඹදී සැමරේ

Published in පුවත්
Wednesday, 22 October 2014 09:19

69 වැනි එක්සත් ජාතීන්ගේ දිනය කොළඹ 07 එක්සත් ජාතීන්ගේ පරිශ්‍රයේ දී පැවැත්වේ.

විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය මහාචාර්ය ජී ඇල් පීරිස් මහතා සහ ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ පද්ධතියේ නේවාසික සම්බන්ධීකාරක සුබිනේ නැන්ඩි මහතාගේ ප්‍රධානත්වයෙන් එම උත්සවය පැවැත්වේ.

වසර 2000 දී නියම කරගත් පරිදි, 2015 දී සාක්ෂාත් කර ගැනීමට යෝජිත සහශ්‍රක සංවර්ධන ඉලක්ක සාමුහිකව ළඟා කර ගැනීමට වෙර දරන අවසාන වසර ද ෙමය වේ. සංවර්ධනය වෙමින් පවතින රටක් වශයෙන් ශ්‍රී ලංකාව එම ඉලක්ක සපුරා ගැනීමේදී අත්කර ගෙන අැත්තේ යහපත් ප්‍රගතියකි.

මෙම අවස්ථාවේ දී දැනට රජය සමග එක්ව සකස් කරමින් පවතින සහශ්‍රක සංවර්ධන ඉලක්ක වල ප්‍රගතිය පිළිබඳ 2014 දේශීය වාර්තාවේ කලින්ම හඳුනාගත් සමහර කරුණු ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂ විසින් ඉදිරිපත් කරනු ඇත.

එක්සත් ජාතීන් ස්ථාපිත කර මේ වන විට වසර 69 කි. මෙම වර්ෂය ශ්‍රී ලංකාව හා එක්සත් ජාතීන් අතර නොකඩවා වසර 59 ක් පැවති ශක්තිමත් සම්බන්ධතාවය ද සනිටුහන් කරයිග මෙම සම්බන්ධතාවය ශ්‍රී ලංකාවේ ජනතාවට සහායවීමේදී එක්සත් ජාතීන් හා රජය එක් කෙරෙන පොදු හරයන් හා පොදු දැක්ම තහවුරු කිරීමක් වේ

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us