ධීවරයන්ට පහර දුන්නාට ධීවර සංවිධාන එකමුතුවේ විරෝධය

Published in පුවත්
Wednesday, 22 October 2014 09:06
ධීවර සංවිධාන ඒකමුතුව සංවිධානය පසුගිය 20 දින ධීවර අමාත්‍යාංශය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරතවුනි. ඒ මුහුදු තීරය විදේශිකයන්ට බදු දීම හා ඒම විදේශික නැව් මගින් අල්ලනු ලබන මසුන් දේශීයහා විෙද්ශීය වෙළද පොළට මුදාහැරීමට එරෙහි වීමටය.
නමුත් ඒ අවස්ථාවේ ධීවර අමාත්‍යාංශය ඉදිරිපිටදී ධීවරයින්ට පහරදී ගැටුම්කාරී වාතාවරණයක් ඇතිකිරීම පිළිබදව ධීවර සංවිධාන ඒකමුතුව ඔවුන්ගේ බලවත් විරෝධය හා පිළිකුළ පල කර සිටී.
 
මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඔවුහු මෙසේ අදහස් දක්වති.
 
''අප ඉන්ධන මිල පහල හෙලීමට බල කළ සටනේ දී අප සමග එකට ජීවත් වන පීඩිතයන් වන බහු දින ධීවර කාර්මිකයන් වචනයෙන් හෝ අප දිරි ගන්වන ලදී. අද රජයේ පහර දීමෙන් වැඩිම පීඩාවට පත්ව ඇත්තේ බහු දින ධීවර මුදලාලි ලා නොව අප සමග එකට ජීවත් වන බහුදින ධීවර කාර්මිකයන් ය. බහුදින ධීවර කර්මාන්තය අහිමි වීමෙන් ද වැඩිම පීඩාවට පත්වන්නේද එම පිරිසයි. එබැවින් ඔවුන්ගේ බඩවියත අහිමි වීම හා පහර කෑම අපට සිදුකළ පහර දීමක් හා අප බඩවියත අහිමි වීමක් ලෙස අපට දැනේ.විදේශ නැව් මගින් අල්ලනා මාළු දේශීය වෙළද පොළට මුදා හැරීම බහුදින ධීවර කර්මාන්තයට මෙන්ම එක් දින ධීවර කර්මාන්තයට ද එක් ලෙස බලපායි. එමගින් දේශීය මාළු වෙළද පොළ ද අස්ථාවර කරනු ලබයි. ධීවර ඇමතිවරයාගේ පෞද්ගලික ලාභ ප‍්‍රයෝජන සදහා දේශීය හා විදේශීය මාළු වෙළද පොළට  සිදුකරන හානියට අපි බලවත් ලෙස විරෝධය පළ කරමු. ''
   
මැර බලය හා නිල බලය භාවිතා කර ගනිමින් රජය හා ඇමතිවරු මෙලෙස සමස්ත ජනතාවම පීඩාවට පත්කරමින් ගෙන යන මෙම වැඩපිළිෙවළට එරෙහිව සියලු දෙනාම එක් වන ලෙස ධීවර සංවිධාන එකමුතුව ඉල්ලා සිටී  

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us