ජනපති හා හෙළ උරුමය ගනුදෙනු බිඳ වැටෙයි Featured

Published in පුවත්
Wednesday, 22 October 2014 08:01

ආණ්ඩුවේ පාර්ශව කරුවෙක් වන ජාතික හෙළ උරුමය හා ජනාධිපතිවරයා අතර සාකච්ඡා බිඳවැටී ඇතැයි ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග වලින් වාර්තා වේ.

හෙළ උරුමය ඉදිරිපත් කරන ලද යෝජනාවලිය සම්බන්ධයෙන් ගිවිසුම් ඇතිකර ගැනීමට මේ අවස්ථාවේ කාල වේලාවක් නොවන බවද ජනපතිවරයා පවසා ඇතැයි වාර්තා වේ.

අරලියගහ මැදුරේ පැවැති මෙම සාකච්ඡාව විනාඩි 15කට පමණ සීමා වූ බවද වාර්තා වේ.

ඉදිරිපත් කර ඇති අදාල යෝජනාවලිය සම්බන්ධයෙන් දෙපාර්ශවයට උන්නතියක් අත්පත්කර ගත හැකි හැකිදැයි හෙළ උරුමය ජනපතිවරයාගෙන් කළ විමසුමකදී, ලබන ජනවාරියේ ජනපතිවරණයක් පැවැත්වෙන බැවින් එවැනි සාකච්ඡාවකට කාල වේලාවක් නැතැයි ජනපතිවරයා පවසා තිබේ.

මෙහිදී ජාතික හෙළ උරුමයේ නායක ඕමල්පේ සෝභිත හිමියන් පවසා ඇත්තේ තම පක්ෂයේ ස්ථාවරය තීරණය වන්නේ අදාල යෝජනාවලියට ලැබෙන ප්‍රතිචාරය අනුව බවයි.

ඒ අවස්ථාවේදී අතුරලියේ රතන හිමි දෙසට හැරුණ ජනපතිවරයා ආණ්ඩුවට මුලින්ම අභියෝග කරනු ලැබු උන්වන්සේ විසින් යැයි පවසා තිබේ.

පසුගිය සතියේදී රතන හිමියන් විසින් පිවිතුරු හෙටක් සංවිධානය විසින් සකස්කරන ලද ව්‍යවස්ථා සංශෝධන සම්බන්ධ පිළිගන්නේ දැයි විමසා සිටියේය.

ජාතික හෙළ උරුමයේ යෝජනාවලිය ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව ජනපතිවරයා අදාල සාකච්ඡාවෙන් පිටව ගොස් තිබේ.

මේ සාකච්ඡාවට ජනපතිවරයාට අමතරව සුසිල් ප්‍රේමජයන්ත, ඩලස් අලහප්පෙරුම හා බැසිල් රාජපක්ෂ යන අයද සහභාගීවී සිට ඇත.

ජාතික හෙළ උරුමය විසින් එහිදී ඉදිරිපත් කෙරුණු යෝජනාවලිය ඔවුන් ඉකුත් 19 වැනිදා පැවැත්වු සිය 11 වැනි ජාතික මහා සම්මේලනයේ දී සම්මත කරගනු ලැබිය. 

 දේශපාලන ප‍්‍රතිසංස්කරණ, රාජ්‍ය පාලනය, නීතිය හා අධිකරණය, යහපාලනය, ආර්ථික සංවර්ධනය, සිංහල උරුමය සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු යන ක්ෂේත‍්‍ර යටතේ කරුණු 33ක් ඊට ඇතුලත්වේ.

කෙසේවවුද පසුගිය ඉරිදා පැවැති එම පක්ෂයේ 11 වැනි සම්මේලනයේදී එම පක්ෂය කියා සිටියේ රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කරන්නේ නම් ඔවුන්ගේ සහය පොදු අපෙක්ෂකයකුට හෝ තෙවැනි පාර්ශවයකට ලබාදෙන බවයි.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us