මේ දිනවල ඉන්දියාවේ පැවැත්වෙන මිසොරම් ප්‍රමියර් ලීග පාපන්දු තරගාවලියේදී මෙම අවාසනාවන්ත සිදුවීම සිදුවිය.
සිරුර වටයක් කැරකී යන සේ කරණමක් ගැසීමට තැත් කිරීමේදී ඔහු තමන්ගේම හිස මත පතිත වීමෙන් මෙම අනතුර සිදුව ඇත.
මියගිය පීටර් බියාක්සැන්ග්සුලා වයස අවුරුදු 23 ක් වන ඉතා දක්ෂ කී‍්‍රඩකයෙකු බව පැවසේ.
වහ වහා රෝහල් ගත කෙරුණද සුෂුම්නාවට සිදුව තිබූ හානිය බරපතලවීම නිසාවෙන් වෛද්‍යවරුන්ගේ දැඩි උත්සාහය හමුවේ වුවද ඔහුගේ දිවි ගලවා ගැනීමට නොහැකි විය.
රෝහල් ගත කර දින 5 කින් ,ඊයේ (20) දින ඔහු මිය ගියේය.