භාරතීය ජනතා පක්ෂයේ මිත්‍ර පක්ෂ නායකයෙකු වන ආචාර්ය සුබ්‍රමනියන් ස්වාමි මහතා විසින් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මහතා වෙත මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ ලිපියක් මගිනි.
එල්.ටී.ටී.ඊ. සංවිධානය පරාජය කිරීම සඳහා නායකත්වය ලබා දීම සැලකිල්ලට ගෙන මෙම සම්මානය පිරිනමන ලෙස සුබ්‍රමනියන් ස්වාමි මහතා ඉල්ලා ඇත.
ඉන්දීය රජය පිරිනමන ඉහළ ම සම්මානය වන 'භාරත් රත්න’ සම්මානය මීට පෙර ලොව පුරා පුද්ගලයින් 43 දෙනෙකුට පිරිනමා තිබේ.
මීට පෙර මෙම සම්මානයෙන් පිදුම් ලැබූවන් අතර තෙරේසා මව්තුමිය, නෙල්සන් මැන්ඩෙලා සහ සචින් ටෙන්ඩුල්කාර් ද වෙති.