subash

subash

ඉදිරියේ දී පැවැත්වෙන ජාතික මැතිවරණයකදී ජාත්‍යන්තර නිරීක්ෂන කණ්ඩායමක් මෙරටට එවීමට ආසියානු මැතිවරණ නිරීක්ෂණ ජාලය මේ වනවිටත් සිය කැමැත්ත පළ කර තිබේ. 

ජාතික හෙළ උරුමය ආණ්ඩුවට ඉදිරිපත් කරන කරුණු 07 කින් සමන්විත ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් යෝජනා ඉෂ්ට නොකර ජනාධිපතිවරණය පැවැත්වුවහොත් මහින්ද රාජපක්ෂ මහතාට හෝ රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබා නොදී තුන්වැනි පොදු අපේක්ෂකයෙකුට සහාය ලබාදෙන බව එම පක්ෂය අවධාරණය කළේය. 

ක්‍රිකට් විධායක කමිටුවේ විමසීමකින් තොරව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම්වරයා තනි තීරණ ගනිමින් සිටින බවට ක්‍රිකට් විධායක කමිටුව චෝදනා කර සිටී.

මීළඟ ජනාධිපතිවරණයේදී රජුන් තනන්නේ මහසඟරුවන ප‍්‍රමුඛ ජාතික බලවේග බව ජාතික හෙළ උරුමයේ මහ ලේකම් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ප‍්‍රකාශ කරයි.

රංගන ශිල්පී ජගත් බෙනරගම මහතා ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්‍ෂයේ කැස්බෑව ආසන සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

සුරූපී බොලිවුඩ් නිළි දියා මිර්සා චිත්‍රපට නිෂ්පාදකවරයෙකු වන  සාහිල් සන්ගා සමඟ ඊයේ (18) අතිනත ගෙන යුග දිවියට පානැගුවාය.
වෙන ම රාජ්‍යයක් උදෙසා, තුර්කියෙන් වෙන් වී සටන් කරන PKK හෙවත් කුර්දිෂ් ගරිල්ලන් අතර කුර්දි ජාතික කාන්තාවන් කැපී පෙනෙන මෙහෙවරක් ඉටු කරයි.

ජනාධිපතිවරණයෙන් පසු මහ මැතිවරණයක් පවත්වන බවට බියක් ඇතිකර ගත යුතු නැති බවත්, තමා යලි ජනාධිපති ලෙස පත්වූ විට  ජනමත විචාරණයක් පවත්වා මහ මැතිවරණය කල් දැමීමට වුවද හැකියාවක් පවතින බවත්  ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

පසුගිය යුද සමයේ උතුරේ දෙමළ ජනතා සතුව තිබී රජය විසින් අත්පත් කරගත් රන් භාණ්ඩ නිසි ලෙස ආපසු දෙමළ ජනතාවට ලබාදී නැතැයි දෙමළ ජාතික සන්ධානය චෝදනා කරයි.

Connet With Us