සංගක්කාරගෙන් නිශාන්තට චෝදනා

Published in ක්‍රීඩා
Monday, 20 October 2014 09:56

ක්‍රිකට් විධායක කමිටුවේ විමසීමකින් තොරව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම්වරයා තනි තීරණ ගනිමින් සිටින බවට ක්‍රිකට් විධායක කමිටුව චෝදනා කර සිටී.

එමෙන්ම ක්‍රිකට් ව්‍යවස්ථාවද ලේකම්වරයා විසින් උල්ලංඝණය කරමින් සිටින බවත් වැඩිදුරටත් ඔවුන් චෝදනා කරමින් සිටී. 

ආන්දෝනාත්මක තරඟාවලියක් සඳහා ක්‍රිකට් ආයතනයේ ලේකම්වරයා විසින් තනි තීරණ ගැනීම පිළිබඳවත් එසේම එළඹෙන ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් ක්‍රීඩකයින් පුහුණු සැසියක නිරත වෙමින් සිටින අතරතුරදී මෙවැනි සංචාරයක් යොදා ගැනීමට අනුමත කළ නොහැකි බවත් ඔවුන් පෙන්වා දෙති.

පසුගිය සිකුරාදා ඉන්දියාව සමඟ පැවති එක්දින තරගාවලිය අතරමග නතර කර බ.ඉ.කොදෙව් ක්‍රීඩකයි තමන්ගේ දීමනා සම්බන්ධයෙන් එරට ක්‍රිකට් බලධාරීන් සමඟ ඇති කරගත් ගැටුමක් හේතුවෙන් තරගාවලියෙන් ඉවත් විය.

 අතර මග නතර වූ තරගාවලිය වෙනුවෙන් ඉන්දීය ක්‍රිකට් පරිපාලනයෙන් ලද දැනුම් දීමකට ක්‍රිකට් ලේකම්වරයා මෙසේ එකඟතාවය පළකර තිබේ.

ක්‍රිකට් ලේකම්වරයාගේ මෙම තීරණය පිළිබඳව ශ්‍රී ලංකාවේ සුපිරි ක්‍රීඩක කුමාර් සංගක්කාර තමන්ගේ ට්විටර් අඩවිය හරහා දැඩිලෙස විරෝධය දක්වමින් ප්‍රකාශ කර ඇත්තේ  සිය කණ්ඩායමේ පුහුණු සැළසුම් සියල්ල හදිසියේ සූදානම් කළ ඉන්දීය සංචාරය හේතුවෙන් ව්‍යාකූල වී ඇති බවය. 

එළැඹෙන ලෝක කුසලානය හා එංගලන්ත සංචාරය වෙනුවෙන් සැළසුම් කළ සති හයක පුහුණු සැසිය සති දෙකකින් අවසන් කරන්නට සිදුවීම කනගාටුවට කරුණක් වී ඇති බවය.


කෙසේවුවද, එම චෝදනා වලට පිළිතුරු ලෙසින් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ලේකම් නිශාන්ත රණතුංග මහතා පවසන්නේ, හදිසි ඉන්දීය ක්‍රිකට්‌ සංචාරය හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනයට ඇමරිකානු ඩොලර් මිලියන අටක පමණ (රුපියල් කෝටි 104 ක) අතිරේක ලාභයක්‌ ලැබෙන බවයි.

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us