නව පන්දු යැවීමේ ඉරියව්වක් සමග නැවත දේශීය ක්‍රිකට් පිටියට පැමිණ සිටින සචිත්‍ර මෙවර වෙළඳ සේවා තරගාවලියේ තරඟ පහකදී කඩුලු නමයක් බිඳ හෙලා තිබේ.
"අපිට මෙහෙ පහසුකම් නැහැ ඉරියව් පරීක්ෂා කරන්න. ඉතින් මේ තරඟාවලිය අවසානයේ මම බලාපොරොත්තුවෙනවා පරීක්ෂණයකට ගිහින් ඉරියව්ව පරීක්ෂා කරගන්න," යනුවෙන් ඔහු සඳහන් කළේය.
ජගත් පාලක මණ්ඩලය විසින් ඉදිරියේ දී පැවැත්වීමට නියමිත පරීක්ෂණයේදී තම නව පන්දු යැවීමේ ඉරියව්ව නිවැරදි බව ඔහු සහතික කරවා ගත යුතුයි.
සිය නව ඉරියව්ව පන්දු යැවීමේ ඉරියව් සීමාව වන අංශක 15 ට වඩා අඩු බව සචිත්‍ර සේනානායක පැවසීය.
"පන්දු යවන්න කලින් මම විනිශ්චයකරුවන්ටත් කිව්වා ඉරියව්වේ ප්‍රශ්නයක් තියෙනව නම් කියන්න කියලා. මේ වෙනකම් නරක ප්‍රතිචාරයක් ලැබිල නැහැ."
පන්දු යැවීමේ ඉරියව්ව නිවැරදි කර ගැනීම සඳහා ඕස්ට්‍රේලියාවේද පුහුණු සැසියකට සහභාගි වූ සචිත්‍ර පවසන්නේ තම නව ඉරියව්වත් සමඟ ඉදිරියේදී තවත් හොදින් පන්දු යැවීමට හැකියාව ලැබෙනු ඇති බවයි.
"ඒකෙන් මට ලොකු ප්‍රයෝජනයක් වුනා. දැන් පන්දුව ඉස්සරට වඩා ඉපිලෙනවා මම පන්දු යවනකොට. කොයි දේ වෙන්නෙත් හොඳටයි කියනවා නේ ඒ වගේ මේකෙනුත් මොකක් හරි හොඳක් වෙයි."
පන්දු යැවීමේ ඉරියව් පරීක්ෂණය සමත් වී නොවැම්බර් මාසයේ ශ්‍රී ලංකාවේදී එංගලන්ත කණ්ඩායමත් සමග තරඟ වැදීම සචිත්‍ර සේනානායකගේ බලාපොරොත්තුවයි.
(බිබිසි)
මේ දිනවල ක්‍රියාත්මක වන වෙළඳ සේවා ක්‍රිකට් තරඟාවලියෙන් අනතුරුව ජාත්‍යන්තර ක්‍රිකට් පාලක මණ්ඩලයේ පන්දු යැවීමේ ඉරියව් පිළිබඳ පරීක්ෂණයට නැවත මුහුණදීමට සූදානම් වන බව සචිත්‍ර සේනානායක ප්‍රකාශ කරයි.
Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්
එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක
ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි
ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...
කලා

ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං

සුදන්තගේ යූටියුබ් නාලිකාව වසා දැමීමේ තීරණාත්මක දිනය අදයි !
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අද දින අනිවාර්යෙන්ම රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ඇති බවට සමාජ ජා...
ක්‍රීඩා

ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය අද
ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම් අතර දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය හරාරේ ක්‍රීඩාංගණයේ දී අද (6) පැව...