subash

subash

ශ‍්‍රී ලංකාවෙන් යුරෝපයට ආනයන කරන මත්ස්‍ය නිෂ්පාදන මිල දී ගැනීම නවතා දැමීමට යුරෝපා සංගමය තීරණය කර තිබේ.

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය සංවිධානය කළ ගවේෂණාත්මක මාධ්‍ය වේදීන්ගේ වැඩමුළුව පැවැත්වීමට නියමිතව තිබුණු  කොළඹ ජානකී හෝටලයට මීට සුළු මොහොතකට පෙර යතුරුපැදියකින් පැමිණි  නන්නාඳුනන දෙදෙනෙක්, ජානකී හෝටල් භූමියට ලියුමක් වීසි කොට දමා පළා ගොස් තිබේ.

මැලේසියාවේ සේවය කරමින් සිටියදී හාම්පුතා විසින් අමානුෂික අයුරින් පහරදී ඝාතනය කර, කුණු ගොඩකට විසි කර දැමූ ශ‍්‍රී ලාංකික තරුණයෙකු පිළිබඳ මාස 05කට පමණ පසුව අනාවරණය වෙයි.
ගුවන් විදුලි නාලිකාවක සම්මුඛ සාකච්ඡාවකදී අපහාසාත්මක ප්‍රකාශ කළ බවට ජනප්‍රිය නිළි දෙපළක් වන සේමිණි ඉද්දමල්ගොඩ හා දමිතා අබේරත්න එකිනෙකා වෙත පවරා තිබූ නඩු පවරා තිබුණි.ඊයේ (14) එම නඩුව ඉල්ලා අස්කර ගනිමින් කොළඹ දිසා අධිකරණයේදී  සමථයට පත්වූහ. 

රුපියල් කෝටි අනූවක් වටිනා නෞකාවක් ජපන් රජය විසින් ශ‍්‍රී ලංකාවට පරිත්‍යාග කර ඇත.

සයිබර් අවකාශය පරිගණකය මෙන්ම තොරතුරු සන්නිවේදන තාක්ෂණ මෙවලම් සඳහා එක් ප්‍රමිතියක‍ට අනුව භාෂාවන් යොදා ගැනීම වැදගත් වන බව ශ්‍රි ලංකාවේ දී පැවති අක්ෂර ප්‍රමිතිකරණය පිළිබඳ ජාත්‍යන්තර කමිටු රැස්වීමේ දී අවධාරණය කෙරිණි.


යුරෝපා කොමිසම විසින් පනවා ඇති කොන්දේසී මාස තුනක් ඇතුළත ඉටු කිරීමට බලාපොරොත්තු වන බව ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

වැලිකඩ බන්ධනාගාරයේ සිටින රැඳවියන්ට දුරකථන පහසුකම් ලබාදීමේ වැඩපිළිවෙල අද සිට ආරම්භ කරන බව බන්ධනාගාර මූලස්ථානය ප‍්‍රකාශ කරයි.

ට‍්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ‍්‍රී ලංකා ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වූ ගවේෂණාත්මක මාධ්‍යවේදය පිළිබඳ පුහුණු වැඩසටහන සාර්ථකව නිම කළ ජනමාධ්‍යවේදීන්ට සහතිකපත් බෙදාදීමේ උත්සවයක් සහ සුහද හමුවක් අද (15) උදේ 10.00ට කොළඹ ජානකී හෝටලයේදී පැවැත්වීමට නියමිතව තිබියදී, එය නොපවත්වන ලෙස සංවිධානාත්මක පිරිසක් විසින් මරණීය තර්ජන එල්ල කරමින් තිබේ.

ජනාධිපතිවරයාගේ පුද්ගලික ප්‍රධාන ආරක්ෂක නිලධාරියා වන මේජර් නෙවිල් වන්නිආරච්චි මහතාගේ  අනුදැනුම මත මෙහෙයවන වැටිය ප්‍රදේශයේ පවත්වගෙන යන මහා පරිමාණ වැලි ජාවාරම වැටලීම සම්බන්ධයෙන් පොලිසියට සහ අධිකරණයට බලපෑම් කෙරෙමින් තිබෙන බව අනාවරණය වේ. 

Connet With Us