යුරෝපා කොමිසම විසින් ශ්‍රී ලංකාවෙන් මිලදී ගනු ලබන මත්ස්‍ය නිෂ්පාදන නවතා දැමීමට තීරණය කර ඇත.
ශ්‍රී ලංකාව මගින් සිදුකරනු ලබන නීති විරෝධී ධීවර කටයුතු හේතුවෙන් මෙම තීරණයට එළඹි බව යුරෝපා කොමිසම විසින් නිකුත් කළ නිවේදනයක දැක්වුණි.
ඒ අනුව මාස 3ක කාලයකින් පසු මෙම මත්ස්‍ය නිෂ්පාදන ශ්‍රී ලංකාවෙන් මිලදී ගැනීම නවතන බව එහි නිල වශයෙන් දන්වා තිබුණි.
යුරෝපා රටවල් වෙත මත්ස්‍ය නිෂ්පාදන අපනයනයෙන් උපයන මුදල රුපියල් බිලියන 22කි.
ශ්‍රී ලංකාව ඇතුළු බෙලීස්, ෆීජි, පැනමා, ටෝගෝ, වනවාටු යන රටවලට යුරෝපා කොමිසම විසින් මීට පෙරාතුව මත්ස්‍ය නිෂ්පාදයේ ප්‍රමිතිය ආරක්ෂා කිරීම පිළිබඳ උපදෙස් ලබාදී තිබුණු අතර එසේ නොකරන්නේනම් මත්ස්‍ය නිෂ්පාදන මිලදී නොගන්නා බවට අනතුරු ඇඟවීම් සිදුකර තිබිණි.
එබැවින් බෙලීස්, ෆීජි, පැනමා, ටෝගෝ, වනවාටු යන රටවල් යුරෝපා කොමිසමේ උපදෙස් මත නිෂ්පාදන ප්‍රමිති ආරක්ෂා කිරීමට පියවර ගත් බැවින් එකී රටවල පනවන්නට නියමිතව පැවති වාරණය අත්හිටුවීමට තීරණය කර තිබේ.
එසේ වුවද ශ්‍රී ලංකාව දිගින් දිගටම එම ප්‍රමිතීන් ආරක්ෂා කිරීමට නිසි පියවරක් නොගත් බැවින් මෙලෙස මත්ස්‍ය නිෂ්පාදන මිලදී ගැනීම නවතා දැමීමට තීරණය කළ බව යුරෝපා කොමිසම වැඩිදුරටත් සඳහන් කර සිටියේය.
(අද දෙරණ)
යුරෝපා කොමිසම විසින් පනවා ඇති කොන්දේසී මාස තුනක් ඇතුළත ඉටු කිරීමට බලාපොරොත්තු වන බව ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
Leave a comment
Gossip
සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්
ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...
වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්
එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...
ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක
ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...
ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි
ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං
සුදන්තගේ යූටියුබ් නාලිකාව වසා දැමීමේ තීරණාත්මක දිනය අදයි !
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අද දින අනිවාර්යෙන්ම රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ඇති බවට සමාජ ජා...
ක්‍රීඩා
ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය අද
ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම් අතර දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය හරාරේ ක්‍රීඩාංගණයේ දී අද (6) පැව...

