ලාංකික තරුණයෙකු මැලේසියාවේදී මරා කුණුගොඩකට විසි කරයි

Published in පුවත්
Wednesday, 15 October 2014 11:10
මැලේසියාවේ සේවය කරමින් සිටියදී හාම්පුතා විසින් අමානුෂික අයුරින් පහරදී ඝාතනය කර, කුණු ගොඩකට විසි කර දැමූ ශ‍්‍රී ලාංකික තරුණයෙකු පිළිබඳ මාස 05කට පමණ පසුව අනාවරණය වෙයි.
මෙසේ ඝාතනයට ලක්ව අත්තේ මැලේසියාවේ සේවය කරමින් සිටි මොහොමඩ් සෆ්රින් නමැති 26 හැවිරිදි තරුණයෙක්. මොහු ගලේවෙල පුවක්පිටිය ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.
 
එරට වාහන සේවා ස්ථානයක සේවය කරමින් සිටි යෙදී සිටියදී ඉකුත් මැයි මස 22 වැනිදා හෝ ඊට ආසන්න දිනයක දී ‍මොහුව ඝාතනයට ලක්ව ඇති බවට සැක කෙරේ. ඝාතනය කෙරුණු මොහාමඩ් සෆ්රින් කුණුගොඩකට විසිකර දමන ලෙසට එහි අනෙක් සේවකයින්ට හාම්පුතා පවසා ඇතැයි වාර්තා වේ. 
 
සෆ්රින්ගේ පියා පවසන්නේ,
 
"මගේ පුතා සෆ්රින් මැලේසියාවේ සාලාම් පිඩම්ජාවා සෙක්‌සන් 17 ප්‍රදේශයේ පිහිටි අල්ක්‍රිෂ්ණන් කියන කෙනාගෙ සර්විස්‌ ස්‌ටේෂන් එකක වැඩ කළේ. එහේදි වාහනයක්‌ පස්‌සට ගනිද්දි වාහනය බිත්තියක හැපිල තියෙනවලු පුතා අතින්. ඒකෙන් රුපියල් 20000ක විතර අලාභයක් වුණාලු. එ්කට තමයි අල්ක්‍රිෂ්ණන් නමැත්තා කන්න බොන්නත් නොදී දින කිහිපයක්‌ තිස්‌සේ පුතාට අමානුෂිකව පහර දුන් බව පැවසුවා. මේ සිදුවීම් වෙලා තියෙන්නෙ පසුගිය මැයි 22 ත් 28 අතර කාලය තුළ බව පුතා එක්ක වැඩකළ පුතාගෙ මිතුරා කිව්වා. ඔහු එම ස්‌ථානයෙන් පැමිණීමට පෙර මියගිය සප්ප්‍රින්ගේ හා වැඩපළ අයිතිකරුගේ ඡායාරූප ලබාගෙන තානාපති කාර්යාලයට ලබාදුන් බවත් කිව්වා." 
 
මැලේසියාවේ ශ‍්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය විසින් මෙම ඝාතනය පිළිබඳ පරීක්ෂණයක් ආරම්භ කර ඇත. මොහාමඩ් සෆ්රින්ගේ මෘතදේහය මෙතෙක් ඔහුගේ ඥාතීන් වෙත ලැබී නොමැත. 
 

 

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us