මාධ්‍යවේදීන්ට අායෙත් මරණීය තර්ජන ! Featured

Published in පුවත්
Wednesday, 15 October 2014 09:41

ට‍්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ‍්‍රී ලංකා ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වූ ගවේෂණාත්මක මාධ්‍යවේදය පිළිබඳ පුහුණු වැඩසටහන සාර්ථකව නිම කළ ජනමාධ්‍යවේදීන්ට සහතිකපත් බෙදාදීමේ උත්සවයක් සහ සුහද හමුවක් අද (15) උදේ 10.00ට කොළඹ ජානකී හෝටලයේදී පැවැත්වීමට නියමිතව තිබියදී, එය නොපවත්වන ලෙස සංවිධානාත්මක පිරිසක් විසින් මරණීය තර්ජන එල්ල කරමින් තිබේ.

උත්සවය වහා අවලංගු කරන ලෙසත්, එසේ නොකළහොත් වධ හිංසාවලට ලක් කොට මරා දමන බවටත් ඊයේ  (14) සවස 5.00ට පමණ මෙම වැඩසටහනේ මාධ්‍ය පුහුණුකරුවකු හා උත්සවයේ සංවිධායකයකු වන මාධ්‍යවේදී ජයසිරි ජයසේකර මහතාට  අනන්‍යතාව හෙළි නොකළ පුද්ගලයකු විසින් 0756245489 දරන දුරකථනය ඔස්සේ තර්ජනය කර තිබේ. 


එකී දුරකථන අංකය ඔස්සේම ට‍්‍රාන්ස්පේරන්සි ආයතනයේ ජ්‍යෙෂ්ඨ කළමනාකරු ශාන් විජේතුංග මහතාගේ ජංගම දුරකථනයටද තුන් වතාවක්ම ඇමතුම් ලබාදී ඇතත්, ඔහු එම ඇමතුම්වලට පිළිතුරු දී නැත. 


අදාළ උත්සවයට සහභාගී වීමට නියමිත, වයඹ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති ජනූර් කිචිලාන් මහතාටද ඉහත දුරකථන අංකය ඔස්සේම මරණ තර්ජන එල්ල කර තිබේ.

ඊයේ (14) රාත‍්‍රී 7.30ට පමණ ජයසිරි මහතා ගේ ජංගම දුරකථනයට 0725436266 අංකය ඔස්සේ එවූ කෙටි පණිවුඩයක, අද 15 දා අදාළ රැස්වීම අවලංගු කර ඇති බවත්, එම එල්ටීටීඊ රැස්වීමට සහභාගී නොවන ලෙසත්, එසේ ගියහොත් ප‍්‍රහාරයට ලක් වන බවත් සඳහන් කර ඇති අතර පණිවුඩකරු ලෙස සඳහන් කර ඇත්තේ ‘රට බේරාගත් දේශපේ‍්‍රමී බලකාය’ යනුවෙනි. 


මෙම පණිවුඩයම උත්සවයට සහභාගී වීමට නියමිත මාධ්‍යවේදීන් කිහිප දෙනෙකුටම ලැබී තිබේ.

මෙම උත්සවයට ලංකාවේ විවිධ පළාත්වල සිංහල සහ දෙමළ භාෂාවෙන් මාධ්‍යකරණයේ යෙදෙන ජනමාධ්‍යවේදීන් 60 දෙනෙකු සහභාගී වීමට නියමිත අතර, උත්සවයේ ප‍්‍රධාන ආරාධිත දේශකයන් වන්නේ රාවය පුවත්පතේ උපදේශක කර්තෘ වික්ටර් අයිවන් සහ ප‍්‍රංශ පුවත් සේවයේ කොළඹ ප‍්‍රධානී අමල් ජයසිංහ යන මහත්වරුන් ය.

ට‍්‍රාන්ස්පේරන්සි ආයතනය විසින් සංවිධානය කළ මෙම පුහුණු වැඩසටහනේ වැඩමුළු දෙකකට ආරක්ෂක අංශවල අනුග‍්‍රහය ලැබූ උද්ඝෝෂකයන්ගෙන් එල්ල වූ තර්ජන නිසා එම වැඩමුළු අවලංගු කිරීමට සිදු වූ අතර පසුගිය මාස කිහිපය ඇතුළත ජනමාධ්‍යවේදීන්ගේ පුහුණු වැඩසටහන්වලට බාධා එල්ල වූ එවැනි අවස්ථා කිහිපයක්ම වාර්තා විය.

මෙම තර්ජනවලට ආරක්ෂක අංශ සම්බන්ධ බව මුලදී ආරක්ෂක බලධාරීන් ප්‍රතික්ෂේප කළ නමුත් පසුව කළ ප්‍රකාශවලින් ඒ බව තහවුරු වි තිබේ

අදාළ SMS පණිවුඩය මෙසේය-

The meeting which is orgarnized for the journalists at janaki hotel on 15.10.2014 at 10.00am is cancelled. do not attend for this LTTE meeting. you will be attacked. - RATA BERAGATH DESHAPREMI BALAKAYA.

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

ක්‍රීඩා

Connet With Us