subash

subash

සාමකාමී සත්‍යග්‍රහයක නිරත වූ සබරගමුව විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයන් පිරිසකට සෙනසුරාදා එල්ල වූ ප්‍රහාරය හෙලා දකිමින් ගුරු වෘත්තීය සමිතිද ශිෂ්‍යයන් ගේ සත්‍යග්‍රහයට එක් වී සිටියහ.

එළඹෙන අයවැයෙන් රු. 10,000 ක වැටුප් වැඩිවීමක් ලබාදෙන ලෙසත් වැටුපට එල්ලා ඇති දීමනා මූලික වැටුපට එකතු කරන ලෙසත් ආණ්ඩුවට බලකරමින් අද (13) හලාවත නගරයේ වැඩබිම් රැසක රැස්වීම් මාලාවක් සහ පෙත්සම් අත්සන් කිරීමක් සිදුවිය.

''පාරවල් හදලා ගොඩනැගිලි හදලා බැහැ. මිනිස්සු හදන්න ඕනි.  මිනිස්සු හැදුවේ නැතිනම් අපි මේ මොනවා දුන්නත් වැඩක් නැහැ. මිනිස්සුන්ට අපි ආදරය කරන්න ඕන. අද දරු පරපුර සමාජ අසාධාරණකම්වලින් මුදා ගැනීමට නම් සමාජයේ සෑම තරාතිරකම පවුලකම ජීවත්වන දරුවන් අපේ දරුවෝ කියන හැඟීමෙන් යුක්තව  කටයුතු කළ යුතුයි.'' යැයි පසුගියදා දඹුල්ලේ පැවති උත්සවයකට එක් වෙමින් ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසිය.

කොළඹ බදුල්ල මහා මාර්ගයේ පඹහින්න මංසන්ධීයේ අඛණ්ඩ සාමකාමී සත්‍යග්‍රහයක නිරතව සිටි සබරගමු විශ්ව විද්‍යාල සිසුන්ට එල්ල වූ ප්‍රහාරය ශිෂ්ට වටිනාකම් සහිත,  ප්‍රජාතන්ත්‍රවාදී භාවිතාවන් අනුගමනය කරන රටක කිසිසේත්ම නොවිය යුතු සිදු වීමක් බව එක්සත් ජාතික පක්ෂය පවසයි.  

අනුරාධපුර අශෝකාරාම පුරාවිද්‍යා භූමියේ  ඕවලාකාර මැටි ඵලකයක ඉතා සියුම්ව නෙලා ඇති පෞරානික බුද්ධ රූපයක් සොයාගෙන ඇත. 
එක්සත් අරාබ් එමීර් හි ප්‍රමුඛතම ජංගම දුරකතන ජාලය ශ්‍රී ලංකාවේ තෙවැනි විශාලතම  ජංගම දුරකතන ජාලය වන එටිසලාර්ට් (Etisalat) ස්වකිය ශ්‍රී ලංකා මෙහෙයුම් අත්හැරිමට හෝ පවතින සමාගමක් හා ඒකාබද්ධ වීමේ උත්සාහයක යෙදී සිටින බව විදෙස් වාර්තාවල දැක්වේ.
ඇමරිකාවේ මියාමි වෙරළේ සිට බර්මියුඩා දිවයින් දක්වා මුහුදේ පයින් යාමට තැත් කළ ක‍්‍රියාකාරිකයෙකු සහ දරාගැනීමේ ක‍්‍රීඩකයෙකු වන රීසා බලූචි නම් පුද්ගලයාවබේරාගැනීමට ඇමරිකානු වෙරළාරක්‍ෂක නිලධාරීන් විසින් කටයුතු කර ඇතැයි වාර්තා වේ.
අන්තර්ජාතික එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් අනුව අංක එකේ ස්ථානය යළි තහවුරු කරගැනීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම සමර්තවී ඇත.
ටෙලි නිළි මේනකා මධුවන්ති ඇතුළු සැකකාරියන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට නුගේගොඩ අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර ඇත.
සබරගමුව විශ්වවිද්‍යාල සිසුන්ට පසුගිය (10) රාත්‍රියේ ආණ්ඩුවේ ආ‍යුධ සන්නද්ද මැරයන් විසින් පහර දීමට එරෙහිව සියළුම විශ්වවිද්‍යාල වල උද්ඝෝෂන පැවැත්වුනි.

Connet With Us