සබරගමු ප්‍රහාරයට එරෙහිව විශ්වවිද්‍යාල සියල්ලේම උද්ඝෝෂණ

Published in පුවත්
Monday, 13 October 2014 11:13
සබරගමුව විශ්වවිද්‍යාල සිසුන්ට පසුගිය (10) රාත්‍රියේ ආණ්ඩුවේ ආ‍යුධ සන්නද්ද මැරයන් විසින් පහර දීමට එරෙහිව සියළුම විශ්වවිද්‍යාල වල උද්ඝෝෂන පැවැත්වුනි.
ආරක්ෂක අංශ සාමාජිකයන් හා ආණ්ඩුවේ නිල නොලත් මැරයන් යොදා එදින රාත්‍රියේ සබරගමුව විශ්වවිද්‍යාලයේ අඛන්ඩ සත්‍යග්‍රහ අට්ටාලයට පැට්‍රල් බෝම්බයක් දමා ගසා සිසුන්ට අමානුෂික ලෙස පහර දෙන ලදී. ඔවුන් කඩු හා යකඩ පොලු රැගෙන මුහුනු ආවරණය කර හෙල්මට් පැළදගෙන පැමිණ තිබේ. පහර කෑමෙන් සිසුන් 12 දෙනෙකු රෝහල් ගත කරන ලදී. පහර දෙන අවස්ථාවේදි පොලිසියට දැනුම් දීම සිදු කලද කිසිදු මැදිහත් වීමක් පොලිසිය විසින් සිදු කර නොමැත. 
 
මෙම පහර දීම් වලට එරෙහිව  පේරාදෙනිය විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය විසින් ගලහ හන්දිය ඉදිරිපිට දහවල් 11.00ට උද්ඝෝශණය පැවැත්විය. රජරට විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය මගින් විශ්වවිද්‍යාලය ඉදිරිපිට 12.30ට පමණ උද්ඝෝශණය පැවැත්විය. රුහුණ විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය  විසින් වැල්ලමඩම පරිශ්‍රයේ සහා ගාල්ල නගරයේ ඩහවල් 12.00ට උද්ඝෝශණය පැවැත්විය. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය මඟින් විජයරාම මන්සන්දියේ දහවල් 12.00 උද්ඝෝශණය පැවැත්විය. විවෘත විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය ක්‍රියාකාරීකමිටුව විසින් නාවල විශ්වවිද්‍යාලය ඉදිරිපිට දවහල් 12.00ට උද්ඝෝශණ පැවැත්විය. සෞන්දර්ය විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය මඟින් ලිප්ටොන් වට රවුමේ දහවල්1.00ට පමණ උද්ඝෝශණයක් පැවැත්වූ අතර එයට විවෘත විශ්වවිද්‍යාල සිසුන් හා අන්තර් විශ්විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැදවුම්කරු නජිත් ඉන්දික ද සහභාගි විය. සබරගමුව විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය මගින් පඹහින්න මන්සන්දියේ උද්ඝෝෂණය පැවැත්වූ අතරමෙයට ගම්වාසින්ද   සහභාගි විය. බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුව විසින්  දහවල් 2.00ට පිටිපන මන්සන්දියේදි උද්ඝෝෂණය පැවැත්විය.
 
බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය
1
ජයවර්දනපුර විශ්වවිද්‍යාලය
2
විවෘත විශ්වවිද්‍යාලය
3
පේරාදෙනිය විශ්වවිද්‍යාලය
4pera
රජරට විශ්වවිද්‍යාලය
5rajarata
රුහුණ විශ්වවිද්‍යාලය
6ruhuna
සබරගමුව විශ්වවිද්‍යාලය
7sabara
සෞන්දර්‍ය් විශ්වවිද්‍යාලය
8sawundarya

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us