ශ්‍රී ලංකාව තුළ ජංගම දුරකථන සමාගම් 5ක් තිබීමත් ඒවා අතර ඇති තරඟකාරීත්වයත් එටිසෙලාර්ට් වෙත මේ තත්ත්වය ඇතිවීමට හේතුවී තිබේ.
මේ සම්බන්ධයෙන් භාරතී එයාර්ටෙල් ( Bharti Airtel) ඇතුළු ජාත්‍යන්තර ජංගම දුරකතන සමාගම් කිහිපයක් සමගම මොවුන් සාකච්ඡා පවත්වමින් සිටින බව වාර්තා වේ.
එටිසලාර්ට් මිලිකොම් ඉන්ටර්නැෂනල් සෙලියුලර් (Millicom International Cellular) සතුව තිබු මෙරට Tigo සමාගම ඩොලර් මිලියන 155 කට අත්පත් කර ගනිමින් මෙරට ව්‍යාපාරික කටයුතු ආරම්භ කළේය.
එටිසලාර්ට් 2012 අවසනදි සියයට 21 ක වෙළෙඳ පොල කොටසක් අත්පත් කර ගෙන තිබිණි.
මෙහි භාරතී එයාර්ටෙල් ( Bharti Airtel) සතුව මේ වන විට 7% ක පංගුවක් ඇති බව සදහන්ය.
ලොව ජංගම දුරකතන වෙළෙද පොල 12 වැනියා වන එටිසලාර්ට්, මැදපෙරදිග අප්‍රිකා සහ ආසියා කලාපයේ ග්‍රාහකයින් මිලියන 182 ක් ඔවුන් සතු කර ගෙන ඇත.මේ වන විට රටවල් 19 ක සිය මෙහෙයුම්ද දියත් කර ඇත.