මහායානික බුදු රුවක් අනුරපුරයෙන්

Published in පුවත්
Monday, 13 October 2014 15:43
අනුරාධපුර අශෝකාරාම පුරාවිද්‍යා භූමියේ  ඕවලාකාර මැටි ඵලකයක ඉතා සියුම්ව නෙලා ඇති පෞරානික බුද්ධ රූපයක් සොයාගෙන ඇත. 
අදාළ බුද්ධ රූපය භූමි ස්පර්ශ මුද්‍රාවෙන් නෙලා ඇති එකකි. සිරස මත රැස් වලල්ලක් සහ සිරුර වටා තවත් කුඩා කැටයම් කිහිපයක්ද දක්නට ලැබේ. මෙහි උස සෙන්ටිමීටර් 5ක්. පළල සෙන්ටිමීටර් 4 යි දශම 4ක්ද , ඝනකම සෙන්ටිමීටර දෙකයි දශම එකක්ද වේ.
 
මෙම බුද්ධ රූපය සහිත මැටි ඵලකය පළමු වරට දැක තිබෙන්නේ ප‍්‍රවාහන අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයෙකු වන ආචාර්ය ලලිතසිරි ගුණරුවන් මහතාය. ඔහු විසින් එය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට භාරදී තිබේ.
 
බොහෝ විට මෙය කි‍්‍රස්තු වර්ෂ හය වැනි හෝ 7 වැනි සියවසේදී නිර්මාණය කර ඇති බව විශ්වාස කෙරේ.
 
නිශ්චිත කාලය හඳුනා ගැනීම සඳහා අදාළ මැටි ඵලකය මහාචාර්ය චන්ද්‍රවික‍්‍රම ගමගේ මහතාට භාරදුන් බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ මත නෙලා ඇති බුද්ධ රූපය මහායාන සම්ප‍්‍රදායට අයත් එකක් බව දැනට විශ්වාස කෙරේ. පූජා භාණ්ඩයක් ලෙස යම් තැනැත්තෙකු එය ශී‍්‍ර ලංකාවට රැගෙනවිත් ඇතැයිද පැවසේ.
Last modified on Monday, 13 October 2014 15:48

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us