සබරගමු ප්‍රහාරය අත්තනෝමතිකත්වයේ දිගුවක් -කරු Featured

Published in පුවත්
Monday, 13 October 2014 20:44

කොළඹ බදුල්ල මහා මාර්ගයේ පඹහින්න මංසන්ධීයේ අඛණ්ඩ සාමකාමී සත්‍යග්‍රහයක නිරතව සිටි සබරගමු විශ්ව විද්‍යාල සිසුන්ට එල්ල වූ ප්‍රහාරය ශිෂ්ට වටිනාකම් සහිත,  ප්‍රජාතන්ත්‍රවාදී භාවිතාවන් අනුගමනය කරන රටක කිසිසේත්ම නොවිය යුතු සිදු වීමක් බව එක්සත් ජාතික පක්ෂය පවසයි.  

එක්සත් ජාතික පක්ෂ නායකත්ව මණ්ඩලයේ සභාපති කරු ජයසූරිය මහතා  විසින් නිකුත්කළ නිවේදනයක එබව සඳහන් වේ. 

ප්‍රජාතන්ත්‍රවාදය තුල සාමාකාමී උද්ඝෝෂන පැවැත්වීම සඳහා අනුලංගනීය අයිතියක් ඇති අතර, සබරගමු සරසවි සිසුන්ගෙන් එම අයිතිය හොර ගැනීමේ හැකියාවක් කිසිවෙකුට නොමැති බව ජයසුරිය මහතා අවධාරණය කර සිටියි. 


සබරගමු සිසුන්ගේ ඉල්ලීම් ඔවුන්ට පමණක් අදාළ වූ ඒවා නොවන බවත්  ඒවා රටේ සමස්ත විශ්ව විද්‍යාල පද්ධතියට ම අදාළ වූ ඉල්ලීම් බවත් ජයසුරිය මහතා සිහිපත් කරයි. 


කරු ජයසුරිය මහතා විසින් නිකුත්කළ එම නිවේදනය පහත පළවේ. 



 ප්‍රජාතන්ත්‍රවාදය තුල සාමාකාමී උද්ඝෝෂන පැවැත්වීම සඳහා අනුලංගනීය අයිතියක් ඇති අතර, සබරගමු සරසවි සිසුන්ගෙන් එම අයිතිය හොර ගැනීමේ හැකියාවක් කිසිවෙකුට නොමැත.   

සබරගමු සරසවි සිසුන් සත්‍යග්‍රහයක් අරඹා තිබුණේ විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය තහනම් කිරීම, සිසුන් කිහිප දෙනෙකුට පනවා ඇති පන්ති තහනම ඉවත් කිරීම හා විශ්ව විද්‍යාලය තුල ප්‍රජාතන්ත්‍රවාදය ඇති කරන ලෙස මානව හිමිකම් කොමිෂම ලබා දුන් නිර්දේශ ක්‍රියාත්මක කරන ලෙස බල කරමිනි.


අහිංසක අරමුණින් දියත් වූ සත්‍යග්‍රයක් :


දේශපාලන මැර ප්‍රහාරයට ලක් වූයේ එබදු අහිංසක අරමුණින් දියත් වූ සත්‍යග්‍රයකට ය.   සිද්ධිය දුටුවන් පවසා තිබූ ආකාරයට හා පොලිසිය තම පරීක්ෂණ මගින් තහවුරු කර ගෙන තිබූ ආකාරයට මෙම පහර දීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබුණේ  එම ප්‍රදේශයේ රජයට සම්බන්ධ ප්‍රාදේශීය දේශපාලනඥයන් ඇතුළු කණ්ඩායමකට ය.  

එබැවින්,  මේ ප්‍රහාරයේ වගකීමෙන් මිදීමේ කිසිදු සදාචාරාත්මක හා නෛතික හැකියාවක් වත්මන් රජයට නොමැත.   

  
පැහැදිලි ලෙසම,  මෙම මිලේච්ඡ ප්‍රහාරය මෑත කාලයේ දී විශ්ව විද්‍යාල ප්‍රජාව සම්බන්ධයෙන් වත්මන් රජය අනුගමනය කළ අත්තනෝමතික ප්‍රතිපත්තියේ ම දිගුවකි.  


සිසු ප්‍රශ්න දෙස සංවේදීව ඒ දෙස බලනවා වෙනුවට බලයෙන් මත්ව තම අධිකාරී බලය යොදමින් උඩඟු ලෙස ඒවා මර්දනය කිරීමට වත්මන් රජය හැමවිටම උනන්දු වූ බව රහසක් නොවේ.   අප මේ මොහොතේ රජයට අවධාරණය කර කියා සිටිනුයේ සුවිශේෂි සමාජ නියෝජනයක් වන සරසවි ප්‍රජාවගේ ගැටළු දෙස දැන්වත් මැදිහත් සිතින් යුතුව බලන ලෙස ය.  


ඉතිහාසය පුරා ම සරසවි ශිෂ්‍ය ප්‍රජාව සමග අත්‍යන්තයෙන් බැඳී ඇති සාධකයක් වනුයේ ඔවුන් තුල ඇති සටන්කාමීත්වයයි.  සරසවි සිසුන් ස්වභාවයෙන් ම සටන් කාමීය.   විශ්ව විද්‍යාල සිසුවෙකු ලෙස, ශිෂ්‍ය නායකයෙකු ලෙස වත්මන් උසස් අධ්‍යාපන අමාත්‍යවරයාට එය අප අමුතුවෙන් අවබෝධ කර දිය යුතු නැත.    


සාකච්ඡා කිරීමට නිසි වේදිකාවක් :



අනෙක් අතට, සබරගමු සිසුන්ගේ ඉල්ලීම් ඔවුන්ට පමණක් අදාළ වූ ඒවා නොවේ.  ඒවා රටේ සමස්ත විශ්ව විද්‍යාල පද්ධතියට ම අදාළ වූ ඉල්ලීම්ය.   


විශ්ව විද්‍යාල සිසුන්ට ඇති ගැටළු සාකච්ඡා කිරීමට නිසි වේදිකාවක් ඔවුන්ට තිබිය යුතුය.  

ශිෂ්‍ය සංගම් තහනම් කළ පසුබිමක තමන් මුහුණ දෙමින් සිටින ගැටළු ඉදිරියට රැගෙන ඒමේ හැකියාවක් ඔවුන්ට නොමැත.  තම ගැටළු ඉදිරිපත් කිරීමට වෙනත් ප්‍රවේශ සිසුන් සොයනුයේ එවැනි පසුබිමකය.  


සැබැවින්ම,  සිසු අරගලවලට බලපා ඇති හේතු පිළිබද විශ්ව විද්‍යාල පාලන අධිකාරින් හා ඒ සම්බන්ධ වගකිව යුතු ආයතන නිවැරදිව කරුණු සොයා බලා පිළියම් යොදන්නේ නම් මෙවැනි අවාසනාවන්ත සිදුවීම් ඇති වන්නේ නැත.   


නමුත් ගැටළුව වනුයේ ඒ සදහා සංවේදී වීමට තරම් නිහතමානීත්වයක් පාලක ප්‍රජාව තුල නොමැති වීමය. 


ඔවුන් හැම විමට ශිෂ්‍ය ඉල්ලීම් දෙස බැලීමට පුරුවව සිටිනුයේ සතුරු ආකල්පයෙනි.  එය දැන්වත් නතර කළ යුතුය.  


මතුව ඇති සිසු ගැටළු විසදිය යුත්තේ ඒ සම්බන්ධ බලය ඇති පරිපාලකයන් හා ශිෂ්‍ය ප්‍රජාව අතර සිදු වන බුද්ධිමය සංවාදයකින් මිස පඹහින්නේ දී කළාක් මෙන් ශාරීරික ගනුදෙනුවකින් නොවේ.  


 ඉහළින් ලැබුනු අණක් :


එහිදී ප්‍රාදේශීය දේශපාලනඥයන් ට සිසු ගැටළු විසදීමට බලයක් ලබා දුන්නේ කවුරුන්ද යන්න අමුතුවෙන් විස්තර කර දිය යුතුව නැත.   ඔවුන් ක්‍රියාත්මක වූයේ තමනට ඉහළින් ලැබුනු අණ මත බව සුපැහැදිලිය. 


 සබරගමුව විශ්ව විද්‍යාලය මේ වන විට වසා දමා තිබේ.  ශිෂ්‍ය ගැටළුවලට පරිපාලනය ලබා දී ඇති ලාභ පිළිතුර එයයි.   එවැනි සරල ක්‍රම වේදයකින් මෙවැනි ගැටළු කළමනාකරණය කර ගත හැකි වෙතැයි වගකිව යුත්තන් සිතන්නේ නම් එය මුලාවක්ම පමණි.   


බලධාරීන් මේ මොහොතේ කළ යුත්තේ විශ්ව විද්‍යාල වසනවා වෙනුවට ශිෂ්‍යන්ට ඇති සැබෑ ගැටළු කෙරෙහි සැලකිලිමත් වී ඒවා ආමන්ත්‍රණය කිරීමය. 


මේ වන විට සබරගමු විශ්ව විද්‍යාලයේ භෞතික සම්පත් හි ප්‍රමිතිය හා ශිෂ්‍ය ප්‍රජාවගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඇත්තේ බරපතල තත්ත්යකි. 


  මීට වසර තුනකට ඉහතදී විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙකු විදුලි සැර වැදී ජිවිතක්ෂයට පත් වූයේ වගකිවයුත්තන් සිසු ආරක්ෂාව වෙනුවෙන්  නිසි අවධානය යොමු කර නොතිබූ බැවිනි. 


එසේම වසරකට ඉහතදී නේවාසිකාගාරයේ බිත්තියක් කඩා වැටුණු අතර, වාසනාවකට මෙන්  ඒ අවස්ථාවේ කිසිවෙකුත් එහි නොසිටියේය.   


 ශිෂ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් සබරගමු සරසවිය තුල මෑත කාලයේ දැකගත හැක්කේ එවැනි අපකීර්තිමත් ඉතිහාසයකි.  


එබැවින්, ශිෂ්‍ය ඉල්ලීම් කෙරෙහි සානුකම්පිතව බලමින් ඒවා කෙරෙහි නිසි ප්‍රතිචාර දැක්වීමේ යුතුකමක් සංවේදී යැයි ආත්ම වර්ණනා කරගන්නා රජයකට ඇත.    


සබරගමුව සරසවි සිසු ගැටළුව මේ තරම් උග්‍ර තත්ත්වයකට ගෙන ගියේ රජය ඒ සදහා කිසිදු සූදානමක් නොපෙන්වීම තුලය.   


ශිෂ්ට ලෝකය කිසිසේත්ම අනුමත නොකරන මෙම ප්‍රහාරය හෙළා දකිමින් අප රජයට බල කරනුයේ ප්‍රචණ්ඩත්වය මුදාහැරීම නතර කර දැන්වත් සරසවි ප්‍රජාව මුහුණ දෙමින් සිටින සැබෑ ගැටළු පිළිබදව නෙත් හැර වගකීම් සහගත ප්‍ර වේශයකින් යුතුව ඒ දෙස අවධානය යොමු කරන ලෙස ය.  

කරු ජයසූරිය පා.ම
එක්සත් ජාතික පක්ෂ නායකත්ව මණ්ඩලයේ සභාපති 

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

ක්‍රීඩා

Connet With Us