විදේශ ඇමතිවරයාට විශ්වාස භංගයක් ! Featured

Published in පුවත්
Saturday, 18 October 2014 11:28

එල්.ටී.ටී.ඊ. සංවිධානයට පනවා තිබූ තහනම ඉවත් කිරීමට යුරෝපා සංගමය ක්‍රියාකරද්දී ශ්‍රී ලංකාව ඊට එරෙහිව කරුණු නොදැක්වීම සම්බන්ධයෙන් 
ආණ්ඩුවේ විදේශ කටයුතු බව අමාත්‍ය ජි.එල්. පිරිස් මහතාට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ගෙන ඒමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇතැයි වාර්තා වේ. 




යුරෝපා සංගමය එල්.ටී.ටී.ඊ.යට එරෙහිව 2006 දී පැනවූ තහනම පසුගියදා ඉවත් කෙරින. එම තීන්දුවට පෙර ශ්‍රී ලංකා රජය පැත්තෙන් කරුණු දක්වන ලෙස යුරෝපා සංගමය දැනුම් දී ඇතත් ඒ පිළිබඳ කිසිවක් නොකිරීම සම්බන්ධයෙන් මෙසේ විශ්වාස භංගය ගෙන ඒමට සැලසුම් කර ඇත.


යුරෝපා සංගමයට ඒක පාර්ශ්විකව මෙවැනි තීන්දුවක් ලබාදීමට ශ්‍රී ලංකා විදේශ සේවය පදනම සාදා දී ඇති බව එජාපයේ ස්ථාවරය වී ඇත.

 අවස්ථා තුනකදී මේ පිළිබඳ කරුණු දක්වන ලෙස යුරෝපා සංගමය දැනුම් දුන්නත් ලිඛිතව හෝ කරුණු දක්වා මීට විරෝධය පළකිරීමට ආණ්ඩුව කටයුතු  කර නැතැයි එජාප නායකත්ව මණ්ඩල සාමාජික, පාර්ලිමේන්තු මන්ත්‍රී  මංගල සමරවීර මහතා සඳහන් කළේය. 

විපක්ෂයේ පක්ෂ මෙම සතියේදී පාර්ලිමේන්තුවේදී මේ පිළිබඳ විරෝධය පළකිරීමට සූදානම් බවද ඔහු ප්‍රකාශ කළේය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us