ධීවරයන්ට පහර දීම ගැන විධිමත් පරීක්ෂණයක් අවශ්‍යයි

Published in පුවත්
Thursday, 23 October 2014 14:08
කොළඹ මාලිගාවත්තේ පිහිටි ධීවර අමාත්‍යංශය ඉදිරිපිට ඉකුත් දා පැවති උද්ඝෝෂණයට එල්ල වූ ප‍්‍රහාරය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන්නැයි සමස්ත ලංකා පොදු ධීවර සම්මේලනය ඉල්ලා සිටී.
ප‍්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගෙන නීතිය හමුවට ඉදිරිපත් කළ යුතු බව එහි ජාතික සංවිධායක රත්න ගමගේ මහතා සඳහන් කළේය .
 
පසු ගිය 20 වැනිදා ධීවර අමාත්‍යංශය ඉදිරිපිට දී පැවති ධීවර උද්ඝෝෂණය ඉතාමත් සාධාරණ කරැණු පදනම්ව පැවැත්වූ බවත් උද්ඝෝෂණයේ නිරතවෙමින් සිටි ධිවටයින්ට පහර දීම හා  සම්බන්ධව අපක්ෂපාති පරීක්ෂණයක් පවත්වා සිද්ධියට සම්බන්ධ පුද්ගලයින්ව තරාතිරම නොබලා නීතිය හමුවට පමුණුවන්න යැයි සමස්ත ලංකා පොදු ධීවර සම්මේලනය ඉල්ලා සිටී.
 
අමාත්‍යංශය ඉදිරිපිට ඉකුත් දා ඇති වූ ගැටුම සම්බන්ධයෙන් තම කණගාටුව පළ කරන බව ඊයේ(22) නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කියා සිටියේය. 
 
ගැටුමෙන් තුවාල ලැබූ සියලූ ධීවරයින්ට ඉක්මන් සුවය ප‍්‍රාර්ථනා කරන බවද අමාත්‍යවරයා ප‍්‍රකාශ කළේය. අදාළ උද්ඝෝෂණයේදී ධීවරයින් ඉල්ලා සිටි ඉල්ලීම් සම්බන්ධයෙන් මීට සතියකට පමණ පෙර සාකච්ඡාවක් පවත්වා තිබෙන බවත් එහිදී ඇති කරගත් එකඟතා සම්බන්ධයෙන් ධීවරයින් සෑහීමකට පත්වු අතර එවැනි අවස්ථාවක දේශපාලන අරමුණු පදනම් කරගනිමින් මෙවැනි උද්ඝෝෂණ සිදු කිරීම සුදුසු නොවන බව රාජිත සේනාරත්න මහතා සිය නිවේදනය මගින් වැඩිදුරටත් පෙන්වා දෙයි. 

 

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us