ලංකාව පොලිමර් නිෂ්පාදන කේන්ද්‍රස්ථානයක් කිරීමට යෝජනා

Published in පුවත්
Thursday, 30 October 2014 12:57
ශ්‍රී ලංකාවේ ස්වාභාවික රබර් නිෂ්පාදනය දිරිගන්වන අතරම, ලෝක කෘතීම රබර් ඉල්ලුම සැලකිල්ලට ගනිමින්, මෙරට පොලිමර් නිෂ්පාදන කේන්ද්‍රස්ථානයක් බවට පත්කරලීමට යෝජනා කරන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය.
අමාත්‍යවරයා මේ බැව් පැවසුවේ, මේ මස 27 සිට 30 දක්වා කොළඔ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී පැවැත්වෙන, 4 වන ගෝලීය රබර් සමුඵව (Global Rubber Conference - GRC) අමතමිනි.
මෙම සමුළුව ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර ජාත්‍යන්තර රබර් ක්ෂේත්‍රයේ නිපැයුම්කරුවන්, ආයෝජකයන්, උපදේශකයන්, නායකයන් හා විශේෂඥයන්ගෙන් සමන්විත රටවල් 28ක් නියෝජනය කරමින් 250 කට අධික පිරිසක් මේ සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටිති. 
 
රබර් කර්මාන්තය ජාත්‍යන්තර මට්ටමින් මුහුණ දෙන අභියෝග සඳහා සාමූහික පිළියම් සෙවීම, ක්ෂේත්‍රයට අදාළ නව වෙළෙඳපොළ හා මංපෙත් පිළිබඳ සොයා බැලීම මෙම සමුළුව පැවැත්වීමේ ප්‍රධාන අභිලාෂයයි. මෙම ජාත්‍යන්තර සමුඵව ශ්‍රී ලංකාවේ පැවැත්වෙන්නේ ප්‍රථම වතාවටය.  
 
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක බන්දුල එගොඩගේ මහතා පවසන්ෙන්
 
"2009 වසරේ සිට මේ දක්වා රබර් නිෂ්පාදනය සැලකිල්ලට ගැනීමේ දී මෙම කර්මාන්තයේ ධාරිතාවය දෙගුණයක් වී තිබෙනවා. 2013 වසරේ දී රබර් හා රබර් ආශ්‍රිත නිෂ්පාදන අපනයනය ඇමරිකානු ඩොලර් මිලියන 960ක් වුණා. එමෙන්ම 2020 වන විට ශ්‍රී ලංකාවේ රබර් අපනයන ඇමරිකානු ඩොලර් බිලියන 03ක් දක්වා ප්‍රවර්ධනය කිරීම අපේ රජයේ ඉලක්කයයි.
 
අයවැය මගින් රබර් සඳහා සහතික මිළක් ලබාදීම සඳහාත්, රබර් අපනයන සඳහා නව බද්දක් හඳුන්වාදීමත් සිදුකරනු ලැබීම ශ්‍රී ලංකාවේ රබර් කර්මාන්තයේ දියුණුවට හේතුවන අතර  රබර් කර්මාන්තයේ නිරත සැමට ලබාදිය යුතු සුභ පණිවුඩ දෙකක් ඉදිරිපත් කළේය. ඒ ජාත්‍යන්තර වෙළෙඳ පොළේ රබර් මිළ 2015 දක්වා නොවෙනස් මට්ටමක පවතිනු ඇති බව හා දෙවැන්න වන්නේ 2017න් පසු ජාත්‍යන්තර වෙළෙඳපොළේ රබර් කිලෝ ග්‍රෑම් එකක ගැණුම් මිළ ඇමරිකානු ඩොලර් 03ක් හෝ ඊට වැඩි විය හැකි බව අනාවරණය වී තිබීමයි. අද වන විට, ශ්‍රී ලංකාවේ රබර් කිලෝ ග්‍රෑම් 01ක නිෂ්පාදන වියදම ඩොලර් 1.15ක් තරම් අඩු මට්ටමේ පවති,රබර් වැවිලි ක්ෂේත්‍රය තුළ හෙක්ටාරයකට කිලෝ ග්‍රෑම් 1247ක අස්වැන්නක් ලබාගනී"
 
මෙහිදී අදහස් දැක්වූ, ලෝක බැංකුවේ වොෂින්ටන් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යාඥ, ජෝන් බැෆේස් මහතා කියා සිටියේ, අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා යෝජනා කළ ශ්‍රී ලංකාව පොලිමර් කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමේ යෝජනාව අතිශය කාලෝචිත බවය. එමෙන් ම ක්ෂේත්‍රයට අදාළ ව ශ්‍රී ලංකාව තුළ පවත්නා ධාරිතාව හා නිපුණතාව සැලකිල්ලට ගැනීමේදී මෙම යෝජනාව පහසුවෙන් ක්‍රියාත්මක කළ හැකි බවට ද ඒ මහතා විශ්වාසය පළ කළේය. පොලිමර් කේන්ද්‍රස්ථානයක් ඇති කිරීමෙන් දේශීය රබර් ආශ්‍රිත අගය එක්කළ භාණ්ඩ නිෂ්පාදනය කිරීම වැඩි කළ හැකි බවද එමගින් ශ්‍රී ලංකාවේ රබර් සඳහා වැඩි වාණිජ වටිනාකමක් ලබාගත හැකි බවද හෙතෙම පැවසුවේය.
Last modified on Thursday, 30 October 2014 13:02

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

ක්‍රීඩා

Connet With Us