සෝභිත හිමි, රනිල්ට බැහැ කියලා Featured

Published in පුවත්
Saturday, 01 November 2014 10:12

ජනාධිපතිවරණයට එක්සත් ජාතික පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතා අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කරන්නේ නම් ඔහුට සහය දැක්විය නොහැකි බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු මාඳුළුවාවේ සෝභිත හිමියෝ සහ දෙමළ ජාතික සන්ධානය එක්සත් ජාතික පක්ෂයට දැනුම් දී ඇත.

එක්සත් ජාතික පක්ෂය සහාය දක්වන වෙනත් ‍පොදු අපේක්ෂකයෙකු ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවහොත් ඊට සහාය දිය හැකි නමුත් රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන්නේ නම් ඊට සහය දිය නොහැකි බවත් සෝභිත හිමියෝ සහ දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා එ.ජා.ප.යට දැනුම් දී තිබේ.

මේ හේතුව නිසා ජනාධිපතිවරණයට ඉදිරිපත් කරනා අපේක්ෂකයා සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය තුළ ගැටලුවක් පැන නැගී ඇති අතර ඒ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇතැයි පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.


එසේම ජනාධිපතිවරණය වෙනුවෙන් පක්ෂය විසින් පත් කරනු ලැබූ ජී. 20 කමිටුවටද මේ සම්බන්ධයෙන් තීරණයක් ගත නොහැකිව කල් යමින් පවතින බවද පක්ෂයේ ප්‍රකාශකයෙකු කීවේය. ඉකුත් බදාදා පාර්ලිමේන්තුවේ පැවැති එම කමිටු රැස්වීමද තීරණයකින් තොරව අවසන්ව තිබේ.


ජී. 20 කමිටුව මේ වන විට අවස්ථා පහකදී රැස්ව ඇති අතර පක්ෂ නායකත්වයට මේ අවස්ථා පහේදීම අපේක්ෂකයා සම්බන්ධයෙන් ස්ථීර පිළිතුරක් දීමට නොහැකිව ඇත. පක්ෂයේ කොටසක් රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් විය යුතු බව දන්වන අතර තවත් පිරිසක් ‍පොදු අපේක්ෂකයෙකුට සහාය දිය යුතු බවට ප්‍රකාශ කිරීම නිසා මේ ගැටලුව පැන නැගී ඇත.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us