subash
2008 වර්ෂයේදී රුපියල් 1,877,000ක් වටිනා භාණ්ඩ මිලදී ගෙන අගරු චෙක්පත් ලබා දී ඇති බවට එක්සත් ජාතික පක්ෂයේ හිටපු පළාත් සභා මන්ත්‍රී නිතීඥ මෛත්‍රී ගුණරත්න මහතාට එරෙහිව නඩු පවරා තිබේ.
අප්‍රිකාවේ බුරිකිනාෆාසෝ රාජ්‍යයේ පවතින අස්ථාවරත්වය සමනය කිරීම සඳහා 2015 වසරේ නොවැම්බර් මාසයේ පැවැත්වෙන මැතිවරණයකින් බලය හුවමාර කිරීමට එරට විපක්ෂ දේශපාලනන පක්ෂ එකඟතාවයකට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය ඊයේ (06 දා) අනාවරණය කළේය.
ජීවත්වීමට තරම් වාසනාවක් ලබාගනු ඇතැයි විශ්වාස නොකළ නිවුන් පැන්ඩා පැටවුන් තිදෙනෙකු කිසිදු අතුරු අන්තරාවකින් තොරව ඉතාමත් නිරෝගීව දින 100 ක කාලයක් ජීවත්වීමට සමත්ව ඇති පුවතක් දකුණු චීනයෙන් වාර්තා වෙනවා. එහි ගුඅන්ඩොන්ග් පළාතේ ගුඅන්ෂොයුහි පිහිටි උද්‍යානයකදී පසුගිය ජූලි 29 වැනිදා උපත ලැබූ මෙම දුර්ලබ පැටවුන් තිදෙනාගේ උපත් බර ලෙස සටහන වූයේ අවුන්ස තුන හමාරක් පමණයි.
රුපියල් මිලියන 113ක වියදමින් ඉදිකළ සුගතදාස ක්‍රිඩංගනයේ ධාවන පථය පළමු ශ්‍රේණියේ ධාවනපථයක් බවට සහතික ලබාතිබියදී එහි තැනින් තැන පළුදු වී ගොස් ධාවන පථය විනාශයට පත් වූ අතර මේ අනුව අදාළ ඉදිකිරීම සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යංශය චෝදනා කොට සිටියේ පථය ඉදිකළ විදේශීය සමාගමටය.
පුළුවන්ද? බැරිද? ප්‍රසිද්ධියේ අහන්න, උසාවියට මෝසම්
ඉදිරි ජනාධිපතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසිමට අදාළ කරුණු විවෘත අධිකරණය හමුවේ විභාග කරන ලෙස ඉල්ලා මෝසම් කිහිපයක් ඉදිරිපත් කර තිබේ.
බස්නාහිර පළාත් ප්‍රධාන ඇමති ප්‍රසන්න රණතුංගගේ පිළිකුල් දේශපාලන ක්‍රියා හෙළා දකින බව හෙළාදකින බව ලංකා ගුරු සංගමය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් එම සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා මේ පිළිබඳ දන්වා සිටී.
සීගිරි කැටපත් පවුරේ කුරුටු ගී මත හැට්ට කට්ටකින් සිය නම ලිවීමට උත්සාහ කළ බව කියන පාසල් සිසුවියක් සීගිරිය පුරාවිද්‍යා නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
