subash

subash

කැෆේ සංවිධානය සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය එක්ව සංවිධානය කරනු ලබන ජාතික හැදුණුම්පත් ලබා දීමේ ජංගම සේවාවක් අද 2014 නොවැම්බර් 11 දින ඌව පරණගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී පැවැත්වේ.

තැපැල් දෙපාර්තමේන්තුවේ සේවකයන් හයදහසකගේ සහභාගිත්වයෙන් කොළඹ පැවති සමුළුවක්‌ සඳහා ආහාරපාන ලබාදීමට තැපැල් දෙපාර්තමේන්තුව රුපියල් විසිහත් ලක්‍ෂ හතලිස්‌ දහසක මුදලක්‌ වැය කර අැති බව වෘත්තීසමිති නායකයෝ පවසති.
මඩකළපුව මංගලාරාම විහාරාධිපති අම්පිටියේ සුමනරතන හිමියන් තමන්ගේ ජීවිතයට මරණ තර්ජන ඇති බැවින් ආරක්ෂාව ලබාදෙන ලෙස ඉල්ලා කොළඹ පොලිස් මුලස්ථානයට පැමිණිල්ලක් කර තිබේ. 

රාත්‍රී කාලයේ ගමන් ගන්නා මගීන්ගේ පහසුව වෙනුවෙන් බස් සේවාවක් ක්‍රියාත්මකය.

පසුගියදා ෆේස්බුක් විසින් ඔවුන්ගේ ප්‍රථම මහජන ප්‍රශ්න සහ පිළිතුරු වැඩසටහන සංවිධානය කොට තිබුණි. මෙහිදී ෆේස්බුක් සම්බන්ධ නොයෙකුත් ගැටළු එහි රැස්ව සිටි පිරිස් ෆේස්බුක් නිර්මාතෘ මාක් සකර්බර්ග් ගෙන් විමසා තිබුණි.

තමාව පොදු අපේක්ෂකයා ලෙස අවශ්‍යනම් තමා ඊට අනිවාර්යෙන් ඉදිරිපත් වෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග මහතා පවසයි.

ඕස්ට්‍රේලියාවේ  සිඩ්නි  නුවර  ඓතිහාසික  ඔබෙලිස්ක්  කුළුණට   මීටර්  18ක්  දිග  රෝස  පැහැති  දීප්තිමත්  කොන්ඩමයක් පළදවා අැත.
අධ්‍යාපනය මුදලට විකිණීමට එරෙහිව විරෝධතා බැනරයකට අත්සන් කිරීමේ වැඩසටහන බලංගොඩ නගරයේදී අද ආරම්භ කළ අවස්ථාවේ එහි පැමිණි බලංගොඩ නගරාධිපතිවරයා ඇතුළු මැරයින් පිරිසක් එම බැනරය කඩා දමා සිසුන්ට තර්ජනය කළ බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය  පවසයි.
කැරිබියානු දූපත් සමූහයට අයත් බහමාස් දූපතේදී කුඩා ගුවන් යානයක් කඩා වැටී තිබේ.
ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට සජිත් ප්‍රේමදාස මහතා උත්සාහ කළද හෙතෙම කිසි දිනෙක අමාත්‍ය ධූරයක් හෝ දරන ලද පුද්ගලයෙකු නොවන බව සමාජ සේවා අමාත්‍ය ෆීලික්ස් පෙරේරා මහතා පවසයි. 

Connet With Us